• Breaking News

    චන්දිමාල්ගේ එක් ලකුණකට ලක්ෂ 5 ක් ගෙවලා


    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අසාමාන්‍ය මාසික වේතන හිමිවන බව බොහෝ දෙනෙකු දන්නේ නැහැ. එලෙස මුදල් ලබන ඔවුන් මුදලට තරග පාවාදීමටද සම්බන්ධ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කිරීම කණගාටුවට කරුණක්. ක්‍රිකට් ක්‍රීඩකයින් 100 කට අධික සංඛ්‍යාවක් කොන්ත්‍රාත් ගත කිරීමට පසුගියදා කටයුතු කළා. මේ අනුව ජේෂඨ ක්‍රිඩකයින්ට මාසිකව රුපියල් ලක්ෂ 40 කට අධික මුදලක් හිමිවනවා. ඊට අමතරව තරග ගාස්තුවක්ද හිමිවනවා. ඒ ක්‍රීඩකයින් දිරිමත් කරමින් ඔවුන්ගේ දක්ෂතා වර් ධනය කර ගැනීම සදහායි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ටෙස්ට් ක්‍රිකට් තරගයක් සදහා තරග ගාස්තුව ලෙස ඇමරිකානු ඩොලර් 7000 ක් ගෙවනු ලබනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලකුෂ 12 කට අධිකයි. එක්දින තරගයකට ඇමරිකානු ඩොලර් 5000 ක් ගෙවනවා. මෙම ගෙවීම් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී සියයට 30 කින් ඉහළ නංවා ඇති බව Lanka Sports News වෙත වාර්තා වනවා. මේ අනුව උදාහරණයක් ලෙස මෙම වසරේ ජනවාරි මාසයේදී හිටපු ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් එක් ටෙස්ට් තරගයකට හා එක්දින තරග දෙකකට ක්‍රීඩා කර තිබෙනවා. ජනවාරි මාසයේ ක්‍රීඩා කළ තරග වලදී චන්දිමාල් ලබාගෙන ඇත්තේ ලකුණු 37 ක් පමණයි. මේ අනුව එක් ලකුණකට රුපියල් ලක්ෂ 05 කට අධික මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට ගෙවා ඇතැයි සදහන්.
    මෙලෙස අසාමාන්‍ය මාසික ගෙවීම් සිදුකරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වගකීම් විරහිතව ක්‍රීඩා කරමින් පරාජයන් වැලද ගැනීම රටේ අවාසනාවයි. ක්‍රිකට් පරිපාලනය මෙම තත්වය වෙනස් කිරීමට සැලසුම් සකස් කළ යුතු වනවා. එහෙත් එය සිදු නොවී කුට්ටිය කඩා ගැනීමට කොටස වැඩි කර ගැනීම සදහා පමණක් ඔවුන් කුලල් කමින් සිටිනවා. ක්‍රිකට් ශ්‍රී ලංකාවේ ආගමකට සමානයි. එවන් ක්‍රිකට් දූෂිත පාලකයින් හා ක්‍රීඩකයින් රැගෙන යන්නේ අගාධයට බව අමුතුවෙන් කිව යුතු නැහැ. අහෝ ශ්‍රී ලංකා ක්‍රිකට් බේරා ගැනීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට බුද්ධිය පහළවේවා !
    හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා අංක එකේ තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් අංක 09 දක්වා පසු බැස්සවූවා. ජය පැන් බොමින් සතුට සැමරූ කණ්ඩායම පරාජයන් රැල්ලකට ඇදන් ගියේ ඔහුගේ දූෂිත පාලන කාලයේයි. ක්‍රිකට් ආයතනයේ මුදල් අතුරුදන් කරමින් කෝටි ගණන් වංචාවන් සිදුකරනු ලැබුවේ ඔහුගේ නිලධාරීන් බව පසුව හසුවුනා. එම පාලන සමයේ කටමැත දෙඩවූ පුරාජේරු දූෂණ හා අක්‍රමිකතා වසා ගැනීමට සිදුකර ඇතැයි සැක මතුවන කාලයකයි අප සිටින්නේ. ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකරමින් ඇති වෝහාරික පරීක්ෂණයෙන් හොරු හෙලිවී හොරු සමග හෙලුවෙන් නාටකය රටට හෙලිදරව් වේවායි අප සැමගේ ප්‍රර්ථනයයි.

    1 comment:

    1. Is there any one who can bring back the early cricket ?

      ReplyDelete