• Breaking News

    නායකත්ව වෙනස බොරුවක්


    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්ව වෙනසක් ඉදිරියේදී සිදුවීමට යන බව පසුගිය දින කිහිපයේම විවිධ මාධ්‍ය වාර් තා පළ කළා. මාලිංගගේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට ලබාදෙන බවටයි එහිදී කියවුනේ. කෙසේ වෙතත් අප මෙම මාධ්‍ය වාර් තා දෙස හාස්‍යයෙන් යුතුව බලා සිටියා. ඒ කිසිදු පදනමක් නොමැති ප්‍රකාශ සිදුකිරීම පිලිබද කම්පාවටද පත්වෙමින්.
    සැබෑ තොරුතුරු ජනතාවට ලබාදිය යුතුවීම හේතුවෙන් නිහඩතාව බිදීමට අප තීරණය කළා. ලබන 13 වැනිදා සිට සංචාරක ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය ආරම්භ වනවා. ඊට ටෙස්ට් තරග දෙකක් එක්දින තරග 05 ක් හා පන්දුවාර 20 තරග තුනක් ඇතුලත්. මෙම සංචාරය සදහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නම්කර ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර තිබෙනවා. එක්දින හා පන්දුවාර 20 කණ්ඩායම් ඉදිරියේදී නම්කරනු ඇති. ඒ සදහා මේ වන විට ආබාදයට ලක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස් එක්කර තිබෙනවා. එහෙත් ඔහුට කණ්ඩායමේ නායකත්වය ලබාදීමේ කිසිදු සූදානමක් නැහැ.
    කණ්ඩායමේ කල්ලිවාදය ඇතිවූයේ මීට බොහෝ කලකට පෙරයි. මේ වන විට එය දරුණු වී තිබෙනවා. එක්දින හා පන්දුවාර 20 නායක ලසිත්ගේ කණ්ඩායම හා තිසර පෙරේරාගේ කණ්ඩායම ලෙස එය ප්‍රධාන ලෙස දෙකඩ වී ඇතැයි සදහන්. මේ පිලිබද ඉදිරියේදී තිසර කැදවා කරුණු සාකච්ජා කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. එවැනි තත්වයක් තුල මෙවැනි ප්‍රතිචාර ඇතිවීම පුදුමයට කරණක් නොවේද ?

    No comments