• Breaking News

    ක්‍රිකට් නිලවරණයට ක්‍රීඩා අමාත්‍යාංශය කරන්න යන දේ


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 21 වැනිදායි. එහි සභාපති අපේක්ෂක මොහාන් ද සිල්වා හා උප සභාපති අපේක්ෂක රවීන් වික්‍රමරත්න යන මහත්වරුන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ ත්‍රිපුද්ගල අභියාචනා කමිටුව කටයුතු කළා. ඔවුන් දෙදෙනා ඊට එරහිව අධිකරණය හමුවට යන බවයි ඊයේ දිනයේ පැවසුවේ. අභියාචනාධිකරණයට ඔවුන් දෙදෙනා හෙට දිනයේ නඩුවක් ගොනු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.
    එලෙස අධිකරණ ක්‍රියාවලියකට යොමුවීමට එරහිව කටයුතු කිරීමට සූදානම් බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පවසනවා. අධිකරණ ක්‍රියාවලියෙන් නිලවරණය කල් යෑම වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ඔහු එහිදී කියා සිටියේ. එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා පනතට අනුව මෙලෙස අපේක්ෂකයින් ඉවත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලය ඇති බව පෙන්වා දී තිබෙනවා. අධිකරණ ක්‍රියාවලියට සාර්ථකව මුහුණදෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
    මේ අතර එම මාධ්‍ය හමුවට එක්වූ ක්‍රීඩා අමාත්‍යාංශ නීති උපදේශක නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා පෙන්වා දුන්නේ ක්‍රීඩා පනතේ 32 වන වගන්තියට අනුව මෙම ඉවත්කිරීම් සිදුකර ඇති බවයි. එහිදී ඔහු පෙන්වා දුන්නේ තමන් ක්‍රිකට් නිලවරණයේ කටයුුතු සදහා සෘජුව දායක වී නැති බවයි. කෙසේ වෙතත් ප්‍රතික්ෂේප කරනු ලැබූ අපේක්ෂකයින් දෙදෙනා ඔහුට විරුද්ධව කුරුදුවත්ත පොලීසියේ පැමිණිල්ලක් කර ඇතැයි රාවයක් පවතිනවා.
    පෙර ලිපි


    No comments