• Breaking News

    ක්‍රිකට් බිරින්දෑවරු සටන පසුපස බලල් අතක්


    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ බිරිද හා තිසර පෙරේරාගේ බිරිද අතර වචන හුවමාරුවක් පසුගියදා බුකිය උණුසුම් කළා. පසුව තිසර පෙරේරා මේ පිලිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක්ද ඉල්ලා සිටියා. එහි ප්‍රධාන විධායක ඈෂ්ලී ද සිල්වා මහතාගෙන් මෙම ඉල්ලීම තිසර සිදුකළ ලිපිය පසුගියදා අප මෙරට මාධ්‍ය අතරින් පළමු වරට අනාවරණ කළා.
    සිදුවීම පිලිබද ක්‍රීඩකයින් දෙදෙනා කැදවා ප්‍රශ්න කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. ඒ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතායි. එහිදී ක්‍රීඩකයින් දෙදෙනා සමතයකට පත්ව තිබෙනවා. ඒ නැවත මෙවැනි සිදුවීමක් නොවන බවට පොරොන්දු වෙමින්. බිරින්දෑවරු දෙදෙනාද ඊට එකග වී තිබෙනවා.

    කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා වන චූලානන්ද පෙරේරා මහතා කියා සිටියේ මෙම සිදුවීම පසුපස කිසිවකු සිට ඇති බවයි. ගැටුම උණුසුම් කරමින් ප්‍රශ්නයක් අවුලවාලීම ඔවුන්ගේ බලාපොරොත්තුව වී ඇති බව පෙනී ගිය බවත් ඔහු කියා සිටියා. පසුගිය කාලය පුරාම මෙලෙස ක්‍රිකට් ක්‍රීඩකයින් අතර ගැටුම් නිර්මාණය කිරීමට පිරිසක් කටයුතු කර තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයින් අතර විශ්වාසය නොමැති වීමෙන් තරග පරාජය වීම ඔවුන්ගේ බලාපොරොත්තුව වී ඇතිබවට සැක කෙරෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු සභාපතිවරයාගේ කාලයේ ලොව දූෂිතම ක්‍රිකට් ක්‍රීඩා කරන රට බවට පත්වූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

    No comments