කොට්ටෝරුවා කෙහෙල් ගහට කොටලා
කොට්ටෝරුවා කොට කොට ගොස් කෙහෙල් ගහට කොටපු දවසට
හොට පටල ගන්නා බව කියැවෙන ජන කියමන ඔබ අසා ඇති. මෙවැනිම දෙයක් සිදුවූ පාර්ලිමේන්තු
මන්ත්‍රීවරයෙක් බිහිවී තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති
තිලංග සුමතිපාල මහතායි. ක්‍රිකට් නිලවරණයෙන් ඉවත්වීමට සිදුවීම හා රූකඩ අපේක්ෂකයාගේ
නාමයෝජනාව ප්‍රතික්ෂේප වීම හේතුවෙන් නන් දොඩවන්නෙක් බවට ඔහු පත්ව ඇති බව ක්‍රීඩා
අමාත්‍යාංශ නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද මහතා අද පෙන්වා දී තිබෙනවා. ඒ රුපියල්
මිලියන 500 ක් ඉල්ලා එන්තර වාසියක් යවමින්.
මේ අතර තිලංග පාර්ශවය නියෝජනය කරන හිටපු සභාපති
අපේක්ෂක මොහාන් ද සිල්වා හා හිටපු උප සභාපති අපේක්ෂක රවීන් වික්‍රමරත්න යන මහත්වරුන්
ක්‍රීඩා අමාත්‍යාංශයට එරහිව අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙනවා. ඒ ඔවුන්ගේ නාමයෝජනා
ප්‍රතික්ෂේප වීම හේතුවෙන්. එම පාර්ශවයේ ඉතිරි සභාපති අපේක්ෂක ශම්මි සිල්වා මහතා
තවත් නඩුවක් ගොනුකර ඇත්තේ සභාපති අපේක්ෂක ජයන්ත ධර්මදාස මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප
නොකිරීමට එරහිවයි. මෙම නඩු ලබන බදාදා යලි කැදවීමට අධිකරණය අද දින නියමකළා. ශ්‍රී
ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 21 වැනිදායි.
පවතින තත්වය මත තිලංග සුමතිපාල මහතා කබලෙන් ලිපට වැටී ඇති බව ඇතමුන් පවසනවා. ඒ සිය ප්‍රධාන සභාපති අපේක්ෂකයා ප්‍රතික්ෂේප වීම හා තමන්ට එරහිව නඩු දැමීම හේතුවෙන්.
මෙවැනි තත්වයක් ඇතිවිය හැකි බව අපට පසුගිය කාලය පුරා පෙනී ගියා. මෙම මාසයේ ආරම්භයේදීම ඒ පිලිබද අනාවැකි පළකිරීමට සමත්වූ එකම සිංහල වෙබ් අඩවිය ලෙස අපට එහි ගෞරවය සින්නක්කරව ලිය ගත හැකියි.
පෙර ලිපිය
හොරු පැන්නූ සෙන්පතියාට පහරදෙයි
No comments