රාවය රාවයන්ට යටවීම - සංවාදයට විවෘතයි
ලංකාවේ ගවේශනාත්මක පුවත්පත් අතර රාවය පුවත්පතට
හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්. ගවේශනාත්මක පුවත් වාර්තා කිරීමේ එදා සිට නිරත
පුවත්පත් අතර ඔවුන් පෙරමුනේ පසුවනවා. සතිඅන්ත පුවත්පතක් වන රාවය
පුවත්පත පළමු පිටුවේ මහා ලොකු අකුරින් සංවාදශීලී පුවත්පතක් යැයි සටහන්ව තිබීම
හේතුවෙන් මෙවර කලාපයේ ඇති ප්‍රවෘත්තියක් සංවාදයට ලක්කිරීමට සිත්වුණා. ඒ කවුරුන් හෝ
වෙනුවෙන් කඩේ ගොස් සුදු හුණු ගෑමට නොව ඇත්ත ඇති සැටියෙන් මෙරට ජනතාවට ගෙන ඒමේ
බලාපොරොත්තුව ඇතිවයි.
වැඩ බැරි දාසලා සහ ඇමතිට අල්ලස් දීම
යනුවෙන් ඔවුන් මෙවර කලාපයේ ඇති ලිපිය හුදෙක්
කිසිදු සොයා බැලීමකින් තොරව රාවයන් මත හැමදේටම විරුද්ධවීමේ අරමුණ ඇතිව ලියන ලද
ලිපියක් බව පෙනී යනවා. ක්‍රිකට් නිලවරණයේ පිලිබද සැමට විරුද්ධවීමේ බලාපොරොත්තුවෙන්
ලියා ඇති මෙම ලිපිය කියවන විට එම ලිපියේ ඇති පරිදිම උදාහරණ ගෙනහැර දැක්විය හැක. මෙම කතා ඇසෙන විට ඇනස්ලි, සැමුවෙල්, බර්ටි කැලේය. ඒ අයත්
මේ විහිළුවලට ඉළ ඇදෙන තෙක් හිනාවෙනවා සහතිකය.
වැඩ බැරි දාස කෙනකු වන
ධර්මදාස ව්‍යාපාරිකයෙක් විදිහට දක්ෂ විය හැක. මෙම
පැනයට ජයන්ත ධර්මදාස මහතා පසුගියදා පිලිතුරු ලබා දුන්නේ සිය සම්මාන දක්වමිනුයි.
මෙරට හොදම ව්‍යාපාරිකයා ලෙස වසර 10 කට ආසන්න කාලයක සිට සම්මාන දිනා ඇති ඔහු නවලෝක
රෝහල මෙරට ඇති හොදම පෞද්ගලික රෝහල බවට පත්කර තිබෙනවා. ඉතින් රාවය රචකයා ඒවා නොදන්නා
බව ප්‍රදර්ශනය කර ඇත්තේ පුවතේ විශ්වාසනීයත්වය පලුදු කරමින්.
සැබෑවටම මේවා දකින විට දෙකොණෙන්ම හිනා මතුවේ. ක්‍රිකට් විනාශ
කළවුන් ක්‍රිකට් කොල්ලකෑවුන් දැන් ශාන්තුවරයන් ලෙස නැවත කරළියට එයි. ඒ අතින්
හරින්ට හැකිනම් සැබැවින්ම අතුරු කමිටුවකට යන්න එය හොඳය. මෙම ලිපියේ මෙලෙස
සටහන්ව ඇත. එමෙන්ම මෙම ලිපියේම සටහන්ව ඇත්තේ අතුරුකමිටු හරහා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට
කිසිවක් සිදුව නැති බවයි. එනම් ඔහුගේ තර්කය ඔහුම බිද දමා ඇත.
ජයන්ත
දර්මදාස මහතා මෙරට ක්‍රිකට් ගැලවුම්කරු ලෙස අප මේ මොහොතේ දකින්නේ සාපේක්ෂව බව කිව
යුතුය. ඔහු මෙරට ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ සමයේ ආසියා ක්‍රිකට් ශූරතාව
මෙන්ම පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයද ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගත්තා. ඔහු මෙරට
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි සෑදීමේ මෙන්ම යටිතල පහසුකම් සංවර් ධනය කිරීමේ
නිරත වූ පාලකයෙක්. එම කාලය තුල මුදලට තරග පාවාදීම් අසන්නට නොවූ කාලක් බවත් සිහිපත්
කළ යුතු වනවා.
හිටපු
සභාපති තිලංග සුමතිපාල මහතා හා ඔහුගේ අනුගාමිකයන් සුදුසු නැති බව අප කියන්නේ එම කාලය
තුල ශ්‍රී ලංකාව ශූරතාව දිනා ඇත්තේ මුදලට තරග පාවාදීම් අතින් පමණක් වීමෙනුයි. එම
කාලයේදී ක්‍රිකට් කණ්ඩායම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අතර අටවන තැනට පත්වූ
අතර පළමු තැන සිටි පන්දුවාර 20 කණ්ඩායම 09 වන තැනට පත්ව සිටිනවා. මෙලෙස ක්‍රිකට්
බිද දමද්දී දූෂණය අතින් පෙරමුණට ශ්‍රී ලංකා කණ්ඩායම ගෙන ආ පාලකයන්ට යලි බලය ලබාදිය
යුතු නැති බවයි අප වෙබ් අඩවියේ මතය වී ඇත්තේ. රාවය පුවත්පතට ලිපි ලියන මාධ්‍යවේදීන් මාධ්‍ය හමු ආවරණය කිරීමට පැමිණෙන බව වාර්තා වන්නේ නැහැ. මෙම ලිපිය ලියන ලද මාධ්‍යවේදියාට අප පවසන්නේ මාධ්‍යහමු ආවරණය කර එහිදී ක්‍රිකට් බිද වැට්ටූවන් ලෙස ඔබ කියන අයගෙන් ප්‍රශ්න කර එම වාර්තාද පුවත්පතේ සටහන් කරන ලෙසයි.
සංවාදයට විවෘතයි
No comments