• Breaking News

    ජයන්ත යුගයක් ඇරඹේ - මොහාන් පල්ලම් බසී ?


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සදහා සභාපති අපේක්ෂක ලෙස ඉදිරිපත්වූ මොහාන් ද සිල්වා මහතාගේ නාමයෝජනාව පසුගියදා ප්‍රතික්ෂේප කළා. ඒ බව පළමුව වාර්තා කළේ අප වෙබ් අඩවියයි. මෙම වාර්තාව අනතුරුව නීතිපතිවරයා වෙත යොමු කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කළා. එහිදී නීතිපතිවරයා දැනුම්දී ඇත්තේ මොහාන්ද සිල්වාට පමණක් නොව රවීන් වික්‍රමරත්න මහතාටද ක්‍රිකට් නිලවරණයට ඉදිපත්විය නොහැකි බවයි.
    ජන්ත ධර්මදාස / ශම්මි සිල්වා / බන්දුල දිසානායක  සහ ලලිත් රඹුක්වැල්ල යන අයට ක්‍රිකට් නිලවරණය සදහා ඉදිරිපත්වීමට කිසිදු බාධාවක් නැති බවත් එහි දැක්වෙනවා. මේ පිලිබද තිලංග පාර්ශවයේ බොහෝ දෙනෙකු පරස්පර මත පලකරන බව සදහන්. කෙසේ වෙතත් මෙම තීරණයට එරහිව නඩුකීමට මොහාන් ද සිල්වා මහතා කටයුතු නොකරන බවයි වාර්තා වන්නේ.
    ක්‍රිකට් ආයතන නිලවරණයේ සභාපති අපේක්ෂකයින් දෙදෙනෙකු මේ වන විට ඉතිරිව සිටිනවා. ඒ තිලංග පාර්ශවයෙන් ශම්මි සිල්වා හා පොදු අපේක්ෂක ජයන්ත ධර්මදාස යන මහත්වරුන්. මේ අතරින් තිලංග පාලන සමයේ සිට දූෂණ හා අක්‍රමිකතාවන්ට විරෝධය පළකළ ජයන්ත ධර්මදාස මහතා මෙවර නිලවරණයේ සභාපතිවරයා වීමේ වැඩි ඉඩක් පවතිනවා. ඊට හේතුව වී ඇත්තේ ශම්මි ක්‍රීඩා සමාජ අතර වැඩි ප්‍රසිද්ධියක් ඇති නිලධාරියකු නොවීමයි. මෛත්‍රී යුගයක් බිහිවූයේ කිසිදා පරාජය කළ නොහැකි බව කී මහින්ද පරාජයට පත්කරමින්. තිලංග පාලනය නිමකර ජයන්ත යුගයක් එලෙසින්ම ඇතිවීමේ වැඩි ඉඩක් පවතිනවා.
    ක්‍රීඩා සමාජ වෙනුවෙන් ජන්ද 142 ක් ක්‍රිකට් නිලවරණයේදී භාවිතවීමට නියමිතව ඇත. ඉන් 100 කට අධික සංඛ්‍යාවක් මේ වන විට ජයන්ත ධර්මදාස මහතාට හිමිවන බව ස්ථිර කර ඇතැයි වාර්තා වනවා. මේ අතර ඇතැම් ක්‍රීඩා සමාජ සිය ජන්දය අවලංගු කිරීමට තීරණය කර ඇතැයිද සදහන්. ඒ තිලංග පාර්ශ්වයට භාවිත කිරීමට වඩා එය වටින බව තීන්දු කිර තිබීම හේතුවෙන්. මේ අනුව ක්‍රිකට් නිලවරණය මෙවර උණුසුම් මුහුණුවරක් නොගන ඇති.

    No comments