• Breaking News

    ශ්‍රී ලංකා ක්‍රිකට් හතර වරම් වෙනස්


    ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසියේ වෙනස්කම් 04ක් සමගයි. පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ආබාදයන්ට ලක්වූ සුරංග ලක්මාල් / දුෂ්මන්ත චමීර හා ලහිරු කුමාර මෙම තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ. එමෙන්ම තරගයේදී අසාර්ථක වූ රොෂේන් සිල්වාටද කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා.
    කුසල් පෙරේරා / විශ්ව ප්‍රනාන්දු / කසුන් රජිත හා චාමික කරුණාරත්න දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කණ්ඩායමට කැදවූ ක්‍රීඩකයින් වනවා. චාමිකගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය මෙය වනවා. තරගය පැවැත්වෙන කැන්බරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයද මෙයයි.
    මෙම වෙනස්කම් සමගින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට හොද ආරම්භයක් ලබා ගත්තත් එය පවත්වාගෙන යාමට හැකිවූයේ නැහැ. මුලු ලකුණු පුවරුව 28 ක් ලෙස සටහන්ව තිබියදී ඉනිමේ පළමු කඩුලු 03 දැවී ගියා. නවක ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ආරම්භයේ ලබා ගත් වේගය පවත්වා ගැනීමට නොහැකිවීම හා දුර්වල පන්දු රැකීම හේතුවෙන් උඩපන්දු 04 ක් ගිලිහී යාමේ වාසිය ලබා ගැනීමට ඕස්ට්‍රේලියා පිතිකරුවන් සමත්වුණා. 04 වන කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ ජෝයි බූන්ස් හා ටෙවිස් හෙඩ් ලකුණු 308 ක සබදතාවක් ගොඩ නැගුවා. මේ අනුව තරගයේ පළමු දිනය නිමාවන විට ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 384 ක් ලබා ගත්තා.

    No comments