ජයන්තට ජය - ශම්මි පරාජය පිලිඅරන්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සැලසුම් කළ
ලෙසම හෙට පැවැත්විය හැකි බව අධිකරණය අද දැනුම් දුන්නා. ඒ නිලවරණයට එරහිව ගොනුකර තිබූ
නඩු 03 ක් සමතයකට පත්වීමට දෙපාර් ශවයම කැමැත්ත පළකිරීමත් සමගයි. ශ්‍රී ලංකා ක්‍රිකට්
සභාපති අපේක්ෂක මොහාන් ද සිල්වා මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීමට අභියාචනා
කමිටුව පසුගියදා කටයුතු කළා. එමෙන්ම ඔවුන් රවීන් වික්‍රමරත්න මහතාගේ උප සභාපති
අපේක්ෂකත්වයත් ඉවත්කළා. ඔවුන් දෙදෙනා නිලවරණයට එරහිව අභියාචනාධිකරණයේ නඩු ගොනුකරනු
ලැබුවා. එමෙන්ම සභාපති අපේක්ෂක ජයන්ත ධර් මදාස මහතාගේ නාමයෝජනාව පිලිගැනීම පිලිබදවත්
සභාපති අපේක්ෂක ශම්මි සිල්වා නඩු පවරනු ලැබුවා. එය විභාගයට ගැනීමට දින නිමකර ඇත්තේ
නිලවරණය නිමවීමෙන් පසුවයි. මේ අනුව ක්‍රිකට් නිලවරණයේ සභාපති සටනට ඉදිරිපත් වන්නේ
ඔවුන් දෙදෙනා පමණයි.
මොහාන් ද සිල්වා මහතා සමතයකට පත්ව ඇත්තේ තමන් උප සභාපතිධූරයට
පමණක් ඉදිරිපත්වන බව පවසමින්. මේ හේතුවෙන් රවීන් වික්‍රමරත්න මහතාටද උප සභාපති
සටනට පැමිණිය හැකි වුණා. කෙසේ වෙතත් මෙම නඩුව යලි මාර් තු මස 22 වැනිදා විභාගයට
ගැනීමට දින නිමකර තිබෙනවා.
නඩුව සමතයකට පත්වීම හේතුවෙන් සභාපති අපේක්ෂක
ජයන්ත ධර් මදාස මහතාට පහසුවෙන් සභාපතිවීමට හැකි තත්වයක් නිර් මාණය වී තිබෙනවා. ඒ
ශම්මි සිල්වාට මනාප 60 ක් පමණක් ලබාගත හැකි බවට එම පාර් ශ්වය ගණන් බලා තිබීම
හේතුවෙන්. මේ අනුව සෙසු තනතුරු සදහා ඔවුන් උපරිම ශක්තිය යොදවා විධායක කමිටුවට
අපේක්ෂකයින් පිරිසක් රිංගවීමට උත්සාහ කරනවා. සුමතිපාල පාර් ශ්වය උප සභාපති
අපේක්ෂකයකු හෝ නොමැතිවීමේ අවධානමට මෙම නඩු තීන්දුව සමගින් පත්ව ඇතැයි ක්‍රිකට්
ආරංවි පවසනවා. පරාජිත අපේක්ෂකයා හොදම පරාජිතයා බවට පත්කිරීම මේ වන විට ඔවුන්
සිදුකරන ක්‍රියාවලියෙන් සිදුවන බව කිව හැකියි.
සුමතිපාල පාර් ශ්වය මැර බලය යොදවමින් ජන්ද කොල්ල
කෑමේ උත්සාහයක නිරත බව අප අනාවරණය කළා. මෙම තත්වය තවදුරටත් වර් ධනය වී මෙරට ක්‍රිකට්
වලටම තල්ලු කිරීම ඔවුන්ගේ උත්සාහයයි. ක්‍රීඩා සමාජ ජන්ද දායකයින්ගේ හා ක්‍රීඩා
සමාජ බුද්ධි මට්ටම පෙන්වන නිලවරණයක් ලෙස මෙවර නිලවරණය හැදින්විය හැකියි. ක්‍රිකට්
යලි ජයග්‍රහී මාවතට ගෙන එමින් දූෂිත තත්වයෙන් මුදවා ගැනීමට වෙනසක් සිදුවිය යුතුම
මොහොතයි මේ. එය ඉටුකිරීමට හැකි පුද්ගලයකු ලෙස ජයන්ත ධර් මදාස මහතා සභාපතිපුටුවට
හෙට දිනයේ පත්වීම සමස්ථ ක්‍රිකට් ලෝලීන්ගේම බලාපොරොත්තුවයි.
No comments