• Breaking News

    හූනා බලය අල්ලයි - බුකී යලි රජවේ


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපති අපේක්ෂක ජයන්ත ධර් මදාස මහතා පරාජය කරමින් සභාපති බවට ශම්මි සිල්වා මහතා පත්වුණා. ක්‍රීඩා අමාත්‍යාංශයේදී දැඩි ආරක්ෂාවක් යටතේ පැවති නිලවරණයේදී ජන්ද 140 ක් භාවිත වුණා. කෙසේ වෙතත් ජන්ද 142 ක් ප්‍රකාශය වීමට නියමිතව තිබුණා.
    සභාපතිවරයා ලෙස පත්වීමෙන් පසු ශම්මි සිල්වා මහතා කියා සිටියේ මෙය අහම්බයක් බවයි. තමන් සභාපතිවීමට කුමන ග්‍රහයා බලපා ඇද්දැයි සොයා බැලිය යුතු බවයි ඔහු කියා සිටියේ. මේ අනුව මෙය නොතිබූ ජයක් හිමිවීමක් වුණා.
    ලේකම්වරයා ලෙස හිටපු ලේකම් නිෂාන්ත රණතුංග මහතා පරාජය කරමින් තේරී පත්වුනේ දූෂණ චෝදනාවන් ඇති මොහාන්ද සිල්වා මහතායි. ඒ සම්බන්ධ නඩුව තවමත් අධිකරණයේ විභාග වනවා. මෙම ජයග්‍රහණයෙන් අනතුරුව ඔහු කියා සිටියේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාගේ වැඩ කටයුතු එලෙසින්ම ඉදිරියට ගෙන යන බවයි.
    පරාජයට පත්වූ අපේක්ෂකයින් අතරින් අපූරු ප්‍රකාශයක් කරමින් ජයන්ත ධර් මදාස මහතා කියා සිටියේ දැන් ඉතින් ක්‍රිකට් වලට අනිච්ජා වත සංඛාරා බවයි. එහි නිවරදි බව තහවුරු වන්නේ ලේකම්වරා සිදුකළ ප්‍රකාශයත් සමගයි. එමෙන්ම මෙහිදී හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාද අදහස් පළකළා. ඔහු කියා සිටියේ ක්‍රිකට් පැත්තක සිට තමන් පාලන කරන බවයි. ඊට තමන්ට උවමනාවටත් වඩා සුදුසුකම් ඇතැයි ඔහු කියා සිටියා. එය නම් ඇත්ත බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ.
    ක්‍රිකට් ලෝක ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් වසර 04 කට පසු ලොව අංක 09 ට ඇද දැමුවේ තිලංග සුමතිපාල මහතායි. එමෙන්ම ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර දූෂිතම රට බවට ශ්‍රී ලංකාව පත්කළා. ඒ පිලිබද කියා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයයි.


    No comments