ක්‍රීඩා ඇමති හරීන්ට ක්‍රිකට් ශම්මි පයින් ගසයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් පසුගිය
21 වැනිදා සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා තේරී පත් වුණා. ඒ හිටපු සභාපති තිලංග
සුමතිපාල මහතාගේ අනුගාමිකයා ලෙසයි. මෙම පත්වීම පසුපස ක්‍රියාත්මක වූයේ බුකී සබදතා
හේතුවෙන් මෙවර ක්‍රිකට් නිලවරණයෙන් ඉවත්වීමට සිදුවූ තිලංග සුමතිපාල මහතා බව
නොරහසක්.
පත්වී දින 03 ක් ගතවන විටම ශම්මි ප්‍රමුඛ ශ්‍රී
ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශය
තුට්ටුවකට මායිම් නොකරන බව අද ( 25 ) ඔප්පු කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ
ලියාපදිංචි ක්‍රීඩා සංගම් ගණන 64 ක්. ඒවායේ සහභාගීත්වයෙන් මෙරට ක්‍රීඩාව නැංවීමේ
වැඩමුළුවක් ක්‍රීඩා අමාත්‍යාංශය අද පදනම් ආයතනයේදී ආරම්භ කළා. ඊට එක්ව ඇත්තේ ක්‍රීඩා
සංගම් 47 ක් නියෝජනය කරමින් නියෝජිතයින් පමණයි. ලියාපදිංචි ක්‍රීඩා සංගම් 17 ක
නියෝජිතයින් ඊට එක්ව නැහැ. ක්‍රීඩා අමාත්‍ය
හරීන් ප්‍රනාන්දු මහතා කොතෙක් උත්සාහ ගත්තත් ක්‍රීඩාව සංවර්ධනය කළ නොහැකි බහිරවයන්
අතට සංගම් පරිපාලනය පත්ව ඇති බවට මෙය කදිම නිදසුනක් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ
නිලධාරියෙක් Lanka
Sports News වෙත කියා
සිටියා.
බහිරවයන් අතට පත්වූ ක්‍රීඩා සංගම් අතර ශ්‍රී ලංකා
ක්‍රිකට් ආයතනයද තිබීම කැපී පෙනෙනවා. වැඩමුළුව මගහැර ගිය ක්‍රීඩා සංගම් නිලධාරීන්ට
එරහිව ක්‍රීඩා අමාත්‍යාංශය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්න ජනතාව විමසිලිමත් බව
මතක් කළ යුතුයි.
No comments