ක්‍රිකට් පිටියේ රජවූ නුසුදුස්සන්ගේ ලැයිස්තුව
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද ඉතා සාමකාමී
ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණා. එහිදී ජන්ද 140 ක් භාවිත වුනේ ජන්ද 142 ක්
අතරින්. නිලවරණයේදී නුසුදුස්සන් රජවූ අපූරුව සියල්ලන් මවිත කරවන සිදුවීමක් වුණා.
ශම්මි සිල්වා මහතා සභාපතිධූරයට මෙන්ම උප සභාපතිධූරයටද
ඉල්ලුම් කර තිබුණා. සභාපතිධූරය සුමතිපාල පාර් ශ්වයෙන් ලබාදීමට නියමිතව සිටියේ මොහාන්
ද සිල්වා මහතාටයි. ඔහු ලේකම්ධූරයටද ඉල්ලුම් කර තිබුණා. එහෙත් ක්‍රිකට් අභියාචනාකමිටුව
ඔහුගේ සභාපති නාමයෝජනාව ප්‍රතික්ෂේප කළා. මේ අනුව අධිකරණයට ගිය ඔහු එහිදී සමතයකට
පත්වුනේ ලේකම්ධූරයට පමණක් ඉදිරිපත්වන බව පවසමින්. මේ අනුව ක්‍රිකට් නිලවරණයේදී
හිමිවූ අහඹු අවස්ථාවට අනුව සභාපති බවට උප සභාපතිවීමට සිටි ශම්මි සිල්වා පත්වුණා.
සභාපතිවීමට සිටි මොහාන් ද සිල්වා මහතා ලේකම්බවට පත්වුණා. එලෙස සිදුවූයේ ක්‍රිකට්
මාෆියාවේ ප්‍රතිඵලයක් ලෙසයි. ක්‍රීඩා සමාජ ජන්ද 85 ක් සෑම විටම සුමතිපාල පාර්
ශ්වයට තිබෙනවා. එය ප්‍රයෝජනයට ගනිමිනුයි මෙවරත් ඔවුන් මෙලෙස තනතුරු බෙදාගනු ලැබුවේ.
මේ අතර උප ලේකම්ධූරයටද ඉල්ලූම් කළ රවීන් වික්‍රමරත්න
මහතා උප සභාපති බවට පත්වුණා. මෙරටට ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම නායකත්වය
ලබාදුන් වත්මන් අමාත්‍ය අර් ජුන රණතුංග මහතා මෙවර පරාජයට පත්වුනේ 03 වන වරටයි.
පරාජයෙන් අනතුරුව අමාත්‍යවරයා කියා සිටියේ ක්‍රිකට් පමණක් නොව සමස්ථ ක්‍රීඩාවේම ක්‍රීඩා
නීතිය වෙනස්විය යුතු බවයි. ඉදිරියේදී ඒ සදහා අවශ්‍ය කටයුතු කරන බවත් ඔහු එහිදී
කියා සිටියා. මෙරට ක්‍රිකට් අගාධයේ පතුලටම ඉදිරි මාස කිහිපයේදී යනු ඇතැයිද ඔහු
වැඩිදුරටත් පැවසුවා.
No comments