හොරට කලින් කෙහෙල් කැන වැට පනී - ක්‍රිකට් ආයතනයට නඩු
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර් ධන
ඒකකය ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු යැවීමේ සහය පුහුණුකරු නුවන් සොයිසා තරග
පාවාදීමේ චෝදනා තුනක් යටතේ තාවකාලික තරග තහනමක් පැනවීමට ඉදිරියේදී සූදානම් වන බව
වාර්තා වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය වසර දෙකක තහනමක් පැනවූවා. මේ
අනුව මීලගට තහනමට ලක්වීමට නියමිතව ඇත්තේ නුවන් බව සදහන්.
මෙම තත්වය තුල නුවන් සොයිසා කොළඹදී මාධ්‍ය හමුවක්
පැවැත්වූවා. එහිදී ඔහු කියා සිටියේ ඉන්දීය ජාතිකයකු මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්
සම්බන්ධ කර දෙන ලෙස ඉල්ලීමක් කළ බවයි. එම සිදුවීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට
ඔහු දැනුම් දී නැහැ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර් ධන නීති යටතේ එලෙස
සිදුකරන පෙලබවීම් දැනුම් දිය යුතු බව සදහන්. තමන් කරනු ලැබුවේ එලෙස බුකීකරුවකු
සිදුකළ ආරාධනය පිලිබද දැනුම් නොදී සිටීම බවයි ඔහු කියා සිටියේ.
මෙම සිදුවීමට තමන් සම්බන්ධ වූයේ මෙරට ජේෂඨ පුහුණුකරුවකුගේ
ඉල්ලීමට බවත් නුවන් සොයිසා මෙහිදී කියා සිටියා. එම පුහුණුකරු පිලිබද මාධ්‍යවේදීන්
විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ඒ පිලිබද ඉදිරියේදී අධිකරණයට දැනුම්දෙන බවයි. ඔහු
මේ වන විට අභියාචනාධිකරණයේ ක්‍රිකට් ආයතනයට එරහිව නඩුවක් පවරා තිබෙනවා. ඒ මෙම
සිදුවීමේදී තමන් වෙනුවෙන් කිසිවක් සිදුනොකළ බව පවසමින්. එමෙන්ම දඩුවමක් මෙතෙක් ලබා
දී නැතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තනතුරෙන් පහකිරීමට කටයුතු කිරීමෙන් තමන්ට අගතියක්
සිදුව ඇති බව ප්‍රකාශ කරන ලෙසද ඔහු මෙම නඩුවෙන් ඉල්ලා තිබෙනවා. මෙම සිදුවීම වූයේ පසුගිය
වසරේ නිසි බලධාරියා ලෙස කමල් පද්මසිරි මහතා සේවය කළ කාලයේදීයි.
කොළඹදී නුවන් සොයිසා පැවැත්වූ මාධ්‍ය හමුවේ
පූර්ණ බලාපොරොත්තුව වී ඇත්තේ ක්‍රිකට් නිසි බලධාරියා මෙරට ක්‍රිකට් වෙනුවෙන් කිසිවක්
නොකළ බව කීම බව පෙනී යනවා. එහිදී සොයිසා කියා සිටියේ තමන්ව විදේශිකයන් දෙදෙනෙකු
හිටි හැටියේ බලහත්කාරයෙන් කොළඹ තරු පහේ හෝටලයකට රැගෙන ගිය බවයි. එහිදී ඔවුන් සිය
පෞද්ගලික ජංගම දුරකථන දෙක ඔවුන්ගේ භාරයට ගත් බවයි. එම විදේශීය නිලධාරීන් දෙදෙනා
විමසූ ඇතැම් ප්‍රශ්න තමන්ට නොවැටහුණු බවත් මෙහිදී ඔහු කියා සිටියා. එකම ප්‍රශ්නය
නැවත නැවත අසමින් මානසික පීඩනයට ලක්කරමින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගණය
කළ බවත් ඔහු එහිදී පවසනවා.
මෙම තත්වය පැහැදිලි කරමින් ජත්‍යන්තර ක්‍රිකට්
කවුන්සිලයට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව පැමිණිලි කිරීමට නුවන් සොයිසා
කටයුතු කර තිබෙනවා. එහෙත් ඊට ජත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී ඇත්තේ ඩුබායි
පැමිණ නිදහසට කරුණු දක්වන ලෙසයි. ඊට මුදල් නොමැති බව පැවසූ නුවන් ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනය එය ලබාදීමට කටයුතු කළ යුතු බවත් කියා සිටියා.
No comments