• Breaking News

    පන්දුව වැදී දිමුත් රොහලේ


    ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පිලිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී පන්දුව හිසත් උරහිසත් අතර වැදීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න රෝහල් ගත කර තිබෙනවා. පෙට් කමින්ස් යැවූ 31 වැනි පන්දුවාරයේ හතරවන පන්දුවේදීයි මෙම අනතුර සිදුවුනේ. බවුන්සර් පන්දුව බෙල්ල ආශිත ප්‍රදේශයේ වැදෙන ආකාරයක් දක්නට ලැබුණා.
    සිදුවීමෙන් පසු දිමුත් ක්‍රීඩා පිටිය තුල වැතිරෙන ආකාරයක් දක්නට ලැබුණා. එහිදී ඔහුට ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම් වෛද්‍යවරයා ඇතුලු කණ්ඩායම ක්‍රීඩා පිටියට පැමිනෙද්දී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ වෛද්‍යවරයාද පැමිණියා. දිමුත් ඔවුන්ට පවසා ඇත්තේ සිය බෙල්ල වේදනා දෙන බවයි. එමෙන්ම විටින් විට එම වේදනාව වැඩිවන බවත් ඔහු පවසා තිබෙනවා. මේ අනුව ඔහුව වහා රෝහල් ගත කිරීමටයි කටයුතු කෙරුනේ.

    No comments