Saturday, February 2, 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනතුරේ


ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී පන්දුව බෙල්ලේ වැදීම හේතුවෙන් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න රෝහල් ගත කළා. කැන්බරාහි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 05 ක් දැවී ලකුණු 534 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ජෝයි බර් න්ස් ලකුණු 180 ක් හා ට්‍රෙවිස් හෙඩ් ලකුණු 161 ක් ලබා ගත්තා. කර් ටිස් පාටිසන් නොදැවී ලකුණු 114 ක් ඉනිමට එක්කළා. පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුලු 03 ක් දවා ගත්තා.
පිලිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සාර් ථක ආරම්භයක් ලබාදීමට ආරම්භක පිතිකරුවන් වූ දිමුත් කරුණාරත්න හා ලහිරු තිරිමාන්න සමත්වුණා. පෙට් කමින්ස් යැවූ 31 වැනි පන්දුවාරයේ හතරවන පන්දුවේදීයි දිමුත් අනතුරකට ලක්වුණා. ඒ බවුන්සර් පන්දුවක් බෙල්ල ආශිත ප්‍රදේශයේ වැදීමෙන්. සිදුවීමෙන් පසු දිමුත් ක්‍රීඩා පිටිය තුල වැතිරෙන ආකාරයක් දක්නට ලැබුණා. එහිදී ඔහුට ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම් වෛද්‍යවරයා ඇතුලු කණ්ඩායම ක්‍රීඩා පිටියට පැමිනෙද්දී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ වෛද්‍යවරයාද පැමිණියා. දිමුත් ඔවුන්ට පවසා ඇත්තේ සිය බෙල්ල වේදනා දෙන බවයි. එමෙන්ම විටින් විට එම වේදනාව වැඩිවන බවත් ඔහු පවසා තිබෙනවා. මේ අනුව ඔහුව වහා රෝහල් ගත කිරීමටයි කටයුතු කෙරුනේ.
ලහිරු තිරිමාන්න ලකුණු 41 ක් ලබා ගත්තා. යලිත් අසාර් ථක වූ නායක දිනේෂ් චන්දිමාල්ට රැස්කර ගත හැකිවුනේ ලකුණු 15 ක් පමණයි. කුසල් මෙන්ඩිස් ලකුණු 06 ක් ලබා ගත්තා. තරගයේ දෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03 ක් දැවී ලකුණු 123 ක් ලබා සිටියා. ඒ වන විට කුසල් ජනිත් පෙරේරා ලකුණු 11 ක් හා ධනංජය ද සිල්වා එක් ලකුණක් ලබා කඩල්ලේ නොදැවී රැදී සිටිනවා. කෙසේ වෙතත් මෙම තරගයද ඉනිමක පරාජයෙන් බේරා ගැනීමට පිතිකරුවන්ට විශාල වගකීමක් තිබෙනවා. දෙරට අතර පැවති පළමු තරගය ඉනිමකින් හා ලකුණු 40 කින් ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා. එහෙත් මෙවර දිමුත් නොමැතිව තරගය ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවනු ඇතැයි වාර්තා වනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයේ අවමානයෙන් බේරා ගැනීමට ක්‍රීඩකයින්ට විශාල වගකීමක් පැවරෙන්නේ මේ අනුවයි.





පෙර ලිපිය

No comments:

Post a Comment