• Breaking News

    නවක පිතිකරු ඕෂද දකුණු අප්‍රිකාවට ?


    දකුණු අප්‍රිකා කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 13 වැනිදා ඩර් බන් හිදී ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලියට තරග දෙකක් ඇතුලත් වනවා. ඒ සදහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතියට එය යොමුකර තිබෙනවා.
    මෙවර සංචිතයට අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේදී දක්ෂතා දැක්වූ නවක ක්‍රීඩක ඕෂද ප්‍රනාන්දු නම්කර ඇතැයි සදහන්. මේ වන විට චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජය නියේජනය කරන 26 හැවිරිදි ඕෂද දකුණත් පිතිකරුවක්. මෙවර තරගාවලියේදී ද්විද්ව ශතක ඇතුලුව ඔහු ඉහළ දක්ෂතා දැක්වූවා. එය ජාතික කණ්ඩායමට ඇතුලත්වීමට හේතුවී තිබෙනවා. තේරීම් කමිටු සාමාජික බ්‍රෙන්ඩන් කුරුප්පු මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමට නියමිතයි.

    No comments