• Breaking News

    සනත්ව අමාරුවේ දැමූ බුකී හස්තය මෙන්න


    ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර් ධන එ්කකය ඊයේ ( 26 ) කටයුතු කළා. ඒ මුදලට තරග පාවාදීම් පිලිබද ශ්‍රී ලංකාවේ සිදුකරමින් ඇති එක් පරීක්ෂණයක තොරතුරු වසන් කිරීම හා ඊට සහය නොදැක්වීමේ වරදටයි. මෙම දඩුවම පැනවීමට පෙර ශ්‍රී ලංකාවෙන් බිහිවූ අසහාය පිතිකරු හා තේරීම් කමිටු හිටපු සභාපති සනත් ජයසූරිය මහතාට පළමු සති දෙකක තාවකාලික තහනමක් පැනවීමටද ඔවුන් කටයුතු කරනු ලැබුවා. එම කාලයද ඇතුලත් වන ලෙස පොදු සමා කාලයක්ද ඔවුන් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ තොරතුරු දැනුම්දීම සදහායි. එහෙත් එම කාලය සනත් ජයසූරිය මහතා ප්‍රයෝජනයට ගෙන නැහැ.
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර් ධන ඒකකය සනත් ජයසූරිය මහතාට මෙම චෝදනාව එල්ල කරමින් තාවකාලික තහනමක් පැනවූ අවස්ථාවේ ඔහු වෙනුවෙන් මෙරට නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඉදිරිපත් වී තිබෙනවා. ඔහු සනත්ට උපදෙස් ලබා දී ඇත්තේ වරද පිලිගන්නා ලෙසයි. පරීක්ෂණයන්ට සහය නොදැක්වීම හා තොරතුරු වසන් කළ බව ප්‍රකාශ කර ඇත්තේ අදාල සිම් පතක් හා දුරකථනයක් පරීක්ෂණ කමිටුවට ලබානොදීම හේතුවෙනුයි.
    සනත් එලෙස විනාශ කළ සිම්පතේ බුකීකරුවන්ගේ තොරතුරු ඇති බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර් ධන ඒකකය විශ්වාස කරනවා. එම කාලය තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතායි. මෙවර ක්‍රිකට් ආයතනයට පත්වීමට තිලංග සුමතිපාල මහතාට නොහැකි වූයේ බුකී හිමිකරුවෙක් බව අධිකරණයේ විභාග වන නඩුවක් හේතුවෙන්.
    තිලංග සුමතිපාල මහතා එවකට ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස තේරීම් කමිටුවේ සභාපති ලෙස එවක කටයුතු කළ සනත් ජයසූරිය මහතා අතර සිදුවූ දුරකථන සංවාද පිලිබද තොරතුරු මෙම ලබා නොදුන් සිම්පතේ තිබෙන්නට ඇති. බූකී හිමිකරුවෙක් වන තිලංග සුමතිපාල මහතාගේ නීතිඥයා වන්නේ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතායි. සනත් ජයසූරිය මහතා බුකීකරුවන් සමග සබදතා සිදුකළ බව සැකකරන සිම්පත ලබානොදී පරීක්ෂණයන්ට සහය ලබානොදීමේ වරද පිලිගන්නා ලෙස උපදෙස් ලබාදී ඇත්තේද නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතායි. මේ අනුව සනත් තොරතුරු වසන් කරමින් බුකීහිමිකරුවන් හා මුදලට තරග පාවාදෙන්නන් බේරා ගැනීමට උපදෙස් දී ඇත්තේ එකම පුරුකක නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා බව පෙනී යනවා.
    කිසිවකුට මඩ ගැසීමේ අරමුණක් මෙම ලිපියේ නොමැති අතර තොරතුරු දැන ගැනීමේ පණතට අනුව ජනතාවට සත්‍ය තොරතුරු ලබාදීම Lanka Sports News අරමුණ බව යලි යලිත් සිහිපත් කළ යුතුයි.
    පෙර ලිපි


    No comments