පසුගිය වසර හතරේදී ක්‍රිකට් හතරගාතේ ඇඳ වැටීමට හේතුව
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට පරාජයන්
රැල්ලකට මුහුණදෙමින් සිටිනවා. 2014 වසරේ ක්‍රිකට් ලෝක කුසලානයක් හා අනුශූරතා දිනූ
ලොව අංක එකේ සිටි කණ්ඩායමට මෙම ඉරනම අත්වූ හේතූන් Lanka Sports News සොයා බැලුවා. 2014 වසරේ සිට මේ දක්වා ගතව ඇත්තේ වසර 04 ක කාලයක්.
වෙනස්වී ඇත්තේ ක්‍රිකට් පරිපාලනය පමණයි. මේ අනුව ක්‍රිකට් කණ්ඩායම පරාජයන් වෙත
කැදවාගෙන යාමේ ගෞරවය ඔවුන්ට හිමිවිය යුතුම බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. සත්‍ය
ලෙසම ලොව අංක එකේ ජයග්‍රහී කණ්ඩායමක් ලොව අංක 09 දක්වා වසර 04 ක් වැනි කෙටි
කාලයකදී ඇඳ දැමීම යනු එසේ මෙසේ කටයුත්තක් නොවේ.
එම එක් වසරකදී පමණක් ක්‍රීඩකයින් 48 දෙනෙකුට වැඩි
පිරිසක් ජාතික කණ්ඩායම නියෝජනය කර තිබෙනවා. අනෙක් වසරේදීත් එම ක්‍රීඩකයින්ද ඇතුළුව
ක්‍රීඩකයින් 48 කට වැඩි පිරිසක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කර තිබෙනවා. එක් වසරකදී
කණ්ඩායම කණ්ඩායමට නායකත්වය ලබා දුන් ක්‍රීඩකයින් ගණන 05 ක්. ඔවුන් කළමණාකරණය කළ කළමණාකරුවන්
එක් අවස්ථාවක තුන් දෙනෙකු ජාතික කණ්ඩායමට සිටි බව ඔබට මතක ඇති. මෙලෙස එක් වසරක වැඩිම
වෙනස්කම් සිදුවූ ලොව එක්ම ජාතික කණ්ඩායම සිටි රට ශ්‍රී ලංකාව බවට අප පත්වීමට දායක
වූ හිටපු සභාපති ඇතුළු ඔහුගේ රූකඩ නඩය ටෙස්ට් වරම් දිනූ ලොව දූෂිතම රට බවටද ශ්‍රී
ලංකාව පත්කළා. ඔවුන් මෙලෙස සිදුකරද්දී ඊටම ආවැඩූ ක්‍රිකට් විධායක කමිටු නිලධාරීන්
අතරින් කොන්ද කෙලින් තබාගෙන ඉල්ලා අස්වීමට කටයුතු කළේ හිටපු උප සභාපති ජයන්ත ධර්මදාස මහතා පමණයි.
පුහුණුකරුවන් ලංකාව දමා යද්දී ආසියාවේ වැඩිම
මුදලක් අය කරනු ලබන ක්‍රිකට් පුහුණුකරුවන් අතර පෙරමුනේ පසුවූ චන්දික හතුරුසිංහ
ඇමක් බවට පත්කිරීමට එම පාලන නඩය කටයුතු කළා. මාසිකව රුපියල් ලක්ෂ 75 කට අධික
මුදලක් ගෙවමින් ඔහුගේ සේවය ලබා ගනිද්දී පුහුණුකරුවන්ට රුපියල් ලක්ෂ 150 කට අධික මුදලක්
වැය කරනු ලබනවා. තත්වය මෙසේ වෙද්දී ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ හා තේරීම් කමිටුව
මත ගැටුමකට මුල පුරා අවසන්. එහි ප්‍රතිඵලය වූයේ හතුරුසිංහට ලබාදී තිබූ තේරීම් කමිටු
සාමාජිකත්වය අත්හිටුවීමයි.
පිතිකරු පුහුණුකරු ලංකාව හැරදා යද්දී ඊට මෙරට ඒ
ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු පත්කරනු ලබනවා. හතුරුසිංහද ශ්‍රී ලංකාව හැරදා
යනු ඇතැයි ඇතමුන් පුවත් වාර් තා කළද ඊට කිසිදු සාක්ෂියක් නොවීම හේතුවෙන් අප ඊට
අනුබල දෙන්නේ නැහැ. මෙරට ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් හතුරුසිංහ මේ වේලාවේ
ඉවත්ව ගියහොත් ඔහුගේ ප්‍රතිරූපය කඩා වැටෙනවා. එවිට ඉහළ ඉල්ලුමක් පුහුණුකරුවෙක් ලෙස
ඔහුට හිමිවන්නේ නැහැ. මේ හේතුවෙන් ඔහු ඉවත්වනු ඇතැයි අප සිතන්නේ නැහැ.
මේ අතර කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයින් 04 දෙනෙකු
නායකත්වය සදහා සීතල යුද්ධයක නිරතව සිටිනවා. ක්‍රීඩකයින් ආබාධයන්ට ලක්වීමේ අඩුවක්ද
නැහැ. බවුන්සර් පන්දුවකට මුහුණදීමේ මූලික පිතිකරණ මූලධර් ම හෝ ජේෂඨ ක්‍රීඩකයින් පවා
නොදන්නා බව ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දිමුත්
හා කුසල් ඔප්පුකළා. එම තරගාවලියේ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ වේග පන්දු යවන්නන්
තුන්දෙනාම දෙවන තරගයට ක්‍රීඩා කළේ නැහැ. ඒ විවිධ ආබාධයන්ට ලක්වීම හේතුවෙන්. එය මෙම
තරගාවලියේදී සිදුවූ අහඹු සිදුවීමක් නොව පසුගිය වසර 04 පුරාම සිදුවූවක්. ක්‍රීඩකයින්
මෙලෙස ආබාධයන්ට ලක්වීමෙන් බේරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු සැලැස්මක්
තිබුනේ නැහැ. එය ආබාධ ක්‍රීඩකයින් සොයා ඇවිත් කණ්ඩායමේ ස්ථාවරත්ව බිද දැමීට
හේතුවුණා.
පසුගිය වසර 04 පුරා අපේ ක්‍රිකට් බිද වැටීමට හේතූන්
මෙතෙකින් අවසන් නැහැ. ඉදිරියේදී තවදුරටත් කරුණු පැහැදිලි කරමින් ක්‍රිකට් බිද
දමමින් පරාජයන් රැල්ල නිර්මාණය කළ ආකාරය ගෙන ඒමට Lanka Sports News සූදානම්. රූකඩ පාලකයන් බලයට ගෙන ඒම පසුපස ඇත්තේ මුදලට තරග පාවාදීමදැයි සැකයක් ඇති බවට හා හෝවක් ඇති බව රහසක් නොවේ.
No comments