• Breaking News

    ක්‍රිකට් ශම්මි ඉදිරියේ ඇමති හරීන් නිවටයකු වෙයිද ?


    ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික ක්‍රීඩා ප්‍රතිඵත්තිය ක්‍රියාවට නංවන ආකාරය පිලිබද සාකච්ජා කිරීම සදහා දෙදින වැඩමුළුවක් කොළඹදී පවත්වනු ලැබුවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා සංගම් 64 ක් ලියාපදිංචි වී තිබෙනවා. ඉන් සංගම් 47 ක් පමණයි පළමු දිනයේදී ඊට එක්වුනේ. එය අප මෙරට පලමු මාධ්‍ය ආයතනය ලෙස වාර් තා කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් ඊට පළමු දිනයේ කිසිවකු එක් නොවූ බව අනාවරණය කළ මෙරට එකම මාධ්‍ය ආයතනය වූයේ Lanka Sports News පමණයි.
    මෙම අනාවරණයට අනුව ක්‍රිකට් ආයතනය නියෝජිතයින් දෙදෙනෙකු මෙම වැඩමුළුවේ දෙවන දිනයේදී එක්වුණා. එහෙත් ඔවුන් දෙදෙනා වගකිවයුතු නිලධාරීන් දෙදෙනෙකු නොව කිසිදු අදාලත්වයක් නොමැති සේවකයින් බව කිව යුතුයි. මෙම වැඩමුළුව සදහා ආරාධනා කරමින් යොමුකළ ලිපියේ පැහැදිලිව සදහන්ව ඇත්තේ සංගම් ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය සාකච්ජා කිරීම හේතුවෙන් වගකිව යුතු නිලධාරීන් දෙදෙනෙකු වැඩමුළුවට එක්කරන ලෙසයි. එහෙත් ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ කටයුතු නොසලකා හැරීමේ පළමු පියවර තබමින් ඊට එක්කර ඇත්තේ ක්‍රිකට් ආයතනයේ සුළු සේවකයින් දෙදෙනෙකු වීම කණගාටුවට කරුණක්.

    ක්‍රීඩා අමාත්‍යවරයා සමුළුවේදී කියා සිටියේ තමන් ක්‍රිකට් ආයතනය සමග සුහදව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි. එහෙත් ඔවුන් සිදුකරන මෙවැනි නොසලකා හැරීම් හරහා එම තත්වය ඉදිරියට පවත්වාගන්නේ කෙසේද යන්න ගැටළුවක්. මෙම සමුළුව අවසානයේ ක්‍රීඩා අමාත්‍යවරයා සිංහ බස් දෙඩුවේ සමුළුව මගහැරි ක්‍රීඩා සංගම් සදහා අච්චු කරන බව පවසමින්. එමෙන්ම වගකිව යුතු නිලධාරීන් නොපැමිණි සංගම් පිලිබදවද කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ. ඇමති හරීන් සිංහ වෙස් ගත් සිවලෙක් හෝ බැටළුවෙක් වෙයිද යන්න ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රශ්නය වී තිබෙනවා.

    ක්‍රීඩා අමාත්‍යාංශය භාර ගෙන ගතවූ මාස 03 තුල මෙරට ක්‍රීඩාවේ විශාල ප්‍රගතියක් ඇතිවූ බව නොරහසක්. එය ඉදිරියේදී තවදුරටත් වර් ධනය කරමින් පවත්වාගනු ඇතැයි බලාපොරොත්තුව වී තිබෙනවා.
    පෙර ලිපිය

    No comments