• Breaking News

    හොරු පැන්නූ සෙන්පතියාට පහරදෙයි


    ශ්‍රී ලංකා ක්‍රිකට් යනු මාෆියාවක් බව නොරහසක්. මෙම මාෆියාවේ රජකරන සුමතිපාලලා මෙරට ක්‍රිකට් ව්‍යාපාරයක් බවට පත්කර අවසන්. එහි ප්‍රතිඵලය වී ඇත්තේ 2014 වසරේදී පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් වසර 04 කට පසු ලොව ශ්‍රේණිගත කිරීම් අතර 09 වන ස්ථානය දක්වා ඇද දැමීමයි. ඉන් නොනැවතුන ඔවුන් ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතර දූෂිතම රට බවටද ශ්‍රී ලංකාව පත්කළා. ඒ පවුලේ බුකී ව්‍යාපාර ක්‍රීඩාවටද පිලිලයක් වන ලෙස ගෙන එමින්. මුදලට තරග පාවාදෙන්නන්ගේ රජ දහන බවට ශ්‍රී ලංකාව ඔවුන් පත්කර අවසන් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා.
    තත්වය මෙසේ තිබෙද්දී හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා යලි ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වීම වාරණය කරන ලෙස ඉල්ලමින් හිටපු ලේකම් නිෂාන්ත රණතුංග මහතා අධිකරණයේ නඩුවක් පවරනු ලැබුවා. ඉන් අනතුරුව හිටපු සභාපතිවරයා කියා සිටියේ තමන් යලි ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් නොවන බවයි. එම නඩුවේ හැරවුම් ලක්ෂය බවට පත්වූයේ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික අමාත්‍ය නීති උපදේශක නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා බව නොරහසක්.
    නීතිඥ පන්ඩුක කීර්තිනන්ද මහතා මීට පෙර තහනම් උත්තේජක පනත ගෙන ඒමට මුල්වී ක්‍රියා කළ පුද්ගලයායි. මුදලට තරග පාවාදීම් වැලැක්වීම සදහා 2014 වසරේ පනත් කෙටුම්පතක් සකස්කිරීමටද ඔහු මුල්වුණා. එහෙත් 2015 වසරේ සිදුවූ ආන්ඩු පෙරලියෙන් පසු එම පනත කුණු කූඩයට දැමීමට එවකට ක්‍රීඩා අමාත්‍යවරුන් කටයුතු කළා.
    කෙසේ වෙතත් රටේ භාග්‍යට ක්‍රීඩා අමාත්‍යදූරයේ වෙනසක් සිදුවී හරීන් ප්‍රනාන්දු මහතා බලයට පැමිනීමත් සමග යලි පන්ඩුක කීර්තිනන්ද මහතා ජාතික ක්‍රීඩා සභාවට පත්කරනු ලැබුවා. එතැන් සිට කුණු කූඩයේ වසර 04 ක් තිබූ මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ පනත් කෙටුම්පත මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව දක්වා ගොස් තිබෙනවා. මාර්තු මාසයේදී එය පාර්ලිමේන්තුවට ගෙනවිත් නීතියක් බවට පත්කිරීම ක්‍රීඩා අමාත්‍යාංශයේ සැලසුම වී තිබෙනවා.
    මෙලෙස අන පනත් ගෙන එමෙන් ක්‍රීඩාව පිරිසිදු කිරීම වෙනුවෙන් කැපවී සේවය කරන නීතිඥ පන්ඩුක කීර්තිනන්ද මහතාට එරහිව මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වී ඇති ආකාරය දක්නට ලැබෙනවා. ඒ සුමතිපාල පාර්ශ්වයේ රූකඩ පාලකයන් ලෙස ඉදිරිපත්වී ඇති මොහාන් ද සිල්වා හා ශම්මි සිල්වා කේන්ද්‍ර කර ගනිමින්. ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් විය නොහැකි හිටපු සභාපතිවරයා සිය ගෝලයන් හරහා යලි මෙරට ක්‍රිකට් හැසිරවීමට දත නියවමින් ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.
    වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් පිරිසක්ද ඔවුන් පසුපස සිටීම කණගාටුවට කරුණ වී තිබෙනවා. ක්‍රිකට් නිලවරණය පසුපස ඔවුන්ව දඩමීමා කර ගනිමින් කොස්ඇට බෑවීමක සුමතිපාල පාර්ශ්වය නිරතව ඇති බව ඔවුන්ට නොතේරෙන්නේ හිමිවන වරදාන වරප්‍රසාද හේතුවෙන් විය යුතුයි. සුමතිපාල කදවුරට එරහිවූවන් බිලී බා ගැනීමට නොහැකි වීමෙන් මඩ ව්‍යපාරයක් හරහා ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය කිරීම ඔවුන්ගේ ඉලක්කය වී තිබෙනවා. මෙම තත්වයට නොසැලී තවත් වැඩියෙන් ක්‍රීඩාව පිරිසිදු කිරීම සදහා කටයුතු කරන ලෙස නීතීඥ පන්ඩුක කීර්තිනන්ද මහතාගෙන් Lanka Sports News ඉල්ලා සිටිනවා.

    No comments