කුසල්ගේ හුදකලා සටන ජයගනී - ශ්‍රී ලංකාවට අනපේක්ෂිත ටෙස්ට් ජයක්
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමු ටෙස්ට්
ක්‍රිකට් තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායමට එරහිව එක් කඩුල්ලක තියුණු ජයක් වාර් තා
කිරීමට සමත්වුණා. මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වුනේ වෙනස්කම් 06 ක් සහිතවයි.
නායක දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානය පවා අහිමි වූ අතර දිමුත් කරුණාරත්නගේ
නායකත්වයෙන් ශ්‍රි ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට පිටත්ව ගියා. දිමුත් මෙහෙයවූ
පළමු තරගයම ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීම කැපී පෙනෙනවා. මෙලෙස වෙනස්කම් සිදුවූයේ ප්‍රධාන
පුහුණුකරු චන්දික හතුරුසිංහගේ තේරීම් කමිටු සමාජිකත්වය ඉවත්කිරීමට පියවර ගනිමින්
පූර් ණ බලය තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා ප්‍රමුඛ කමිටුවට පැවරීමත් සමගයි.
එලෙස පරිපාලනය වෙනස් කරමින් එක්වූ පළමු තරගාවලියේ පළමු තරගයම මෙලෙස ජය ගැනීම කැපී
පෙනෙනවා.
ඩර් බන්හි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා
පළමු පන්දු රැකීමට දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය
කළා. මේ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිමට සියළුදෙනා දැවී
ලකුණු 235 ක් ලබා ගත්තා. ඊට පිලිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවුනේ
ලකුණු 191 ක් පමණයි. මේ අනුව ලකුණු 44 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ
දකුණු අප්‍රිකාව සියළුදෙනා දැවී ලකුණු 259 ක් ලබා ගත්තා. මේ අනුව ශ්‍රී ලංකා
කණ්ඩායමට ජයග්‍රහණය සදහා හිමිවූ ඉලක්කය ලකුණු 304 ක්.
ජයග්‍රහණය වෙනුවෙන් සටන් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ
පළමු කඩුලු 05 ලකුණු 110 ක් ලෙස මුළු ලකුණු පුවරුවේ සටහන්ව තිබියදී දැවී ගියා.
අනතුරුව පිටියේ එක්වූ කුසල් ජනිත් පෙරේරා හුදකලා සටනක නරත වුණා. ධනංජය ද සිල්වා
ඔහුට අනගි සහයක් ලබා දෙමින් ලකුනු 48 ක් ලබා ගත්තා. විශ්ව ප්‍රනාන්දු අවසන්
පිතිකරු ලෙස පිටියට පිවිසියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ඇත්ව ගොස් තිබූ මෙහොතකයි. ඒ
වන විටත් කඩුල්ලේ නොදැවී රැදී සිටි කුසල් ජනත් පෙරේරා වගකීම උර මතට ගනිමින්
කණ්ඩායමට ජවයක් ලබා දුන්නා.
කලක සිට පරාජයේ අවමන් විදිමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම
ඉන් මුදවා ගනිමින් තරගයෙන් තියුණු ජයක් වාර් තා කිරීමට කැදවා ගෙන ගියා කුසල් නොදැවී
ලකුණු 153 ක් ඉනිමට එක්කළා. ඒ වන විට නොදැවී අනෙක් අන්තයේ රැදී සිටි විශ්ව ප්‍රනාන්දු
පන්දු 27 කට ක්‍රීඩා කරමින් ලබා සිටියේ ලකුණු 06 ක් පමණයි. ඒ විනාඩි 73 ක් කඩුල්ල
පුජා නොකර ආරක්ෂා කර ගනිමින්. මේ අනුව කඩුලු 09 ක් දැවී ලකුණු 304 ක් ලබා ගනිමින්
තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
පුහුණුකරු පුහුණුකරුගේ කාර් ය ඉටු කිරීම නිවරදි
තේරීම් සිදු කිරීම කණ්ඩායමේ ක්‍රීඩකයින් එකාවන්ව ක්‍රීඩා කිරීම කල්ලිවාදය නිමාවීම
මෙම ජයග්‍රහණය පසුපස තිබෙන බව සටහන් කළ යුතුයි.
No comments