• Breaking News

    ජයන්තට මඩ ගහන්නේ පිස්සෝ - ක්‍රීඩා ඇමති හරීන්


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතයි. එය කල් දමනලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලමින් නඩුවක් ගොනුකර තිබෙනවා. මේ අතර නඩු තුනක් ගොනු කරමින් පිරිසක් ක්‍රීඩා අමාත්‍යාංශයට එරහිව නඩු මගට බැස අවසන්. එක් නඩුවකින් ඉල්ලා ඇත්තේ හිටපු සභාපති අපේක්ෂක මොහාන් ද සිල්වා මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධී බව පවසන ලෙසයි. අනෙක් නඩුවෙන් රවීන් වික්‍රමරත්න මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වීම අභියෝගයට ලක්කර තිබෙනවා. සභාපති අපේක්ෂක ජයන්ත ධර් මදාස මහතාගේ නාමයෝජනාව පිලිගැනීමද අභියෝගයට ලක්කර ඇතැයි සදහන්.
    මෙම නඩු තුන ලබන සතියේ විභාගයට ගැනීමට නියමිත බවයි වාර් තා වන්නේ. ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් නීතිපති දෙපාර් තමේන්තුව පෙනී සිටිනවා. මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් නිලවරණය පිලිබද අපූරු අදහසක් පළ කළා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ සභාපති අපේක්ෂක ජයන්ත ධර් මදාස මහතාට මඩ ගැසීමේ නිරතව සිටින්නේ පිස්සන් බවයි.

    No comments