• Breaking News

    ක්‍රිකට් නිලවරණයෙන් මොහාන් එලියට

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය සම්බන්ධව ඉදිරිපත් වූ විරෝධතා පරීක්ෂා කර විමර්ශණය කිරීන් අනතුරුව ඒ සම්බන්ධව අභියාචනා කමිටුවේ නිර්දේශ සහිත වාර්ථාව අද (06) ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත භාර දී තිබෙනවා. අභියාචනා උපදේශක කමිටුවේ සභාපති ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා කටයුතු කළ අතර සාමාජිකයින් ලෙස විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය හා විශ්‍රාමලත් අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ධරමසේන කහදව මහතා කටයුතු කළා.
    මෙම කමිටුව පෙන්වා දී ඇත්තේ පවතින නීතියට අනුව සභාපති අපේක්ෂක මොහාන් ද සිල්වා මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කළ යුතු බවයි. මේ අනුව සභාපති සටනට ඉතිරි වී ඇත්තේ ශම්මි සිල්වා / කේ මතිවානන් හා ජයන්ත ධර්මදාස යන මහත්වරුන් පමණයි. ඉන් සභාපති සටනට එන්නේ ශම්මි හා ජයන්ත පමණයි.
    හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාගේ ප්‍රර්ශ්වය නියෝජනය කරමින් ශම්මි ඉදිරිපත් වන අතර රණතුංග පාර්ශ්වය හා පොදු අපේක්ෂකයකු ලෙස ජයන්ත ඉදිරිපත්වනවා. 2015 වසරේ පැවති මැතිවරණයේදී යුද්ධය නිමාකළ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරමින් ජනාධිපති බවට මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වූයේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වෙමින්. හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සභාපති ලෙස පත්වීමේදී උප සභාපතිවරයකු ලෙස ජයන්ත ධර්මදාස පත්වුණා. එහෙත් පැවති දූෂණ හා වංචාවන්ට එරෙහි වෙමින් ජයන්ත සිය තනතුරෙන් ඉල්ලා අස්වුණා.
    එලෙස ඉවත්වූ සභාපති අපේක්ෂක ජයන්ත ධර්මදාස මහතා මෙවර ක්‍රිකට් නිලවරණයේ පොදු අපේක්ෂකයා බවට පත්ව අවසන්. තිලංග පාර්ශ්වය නියෝජනය කරමින් සුදුසුකම් ලබා ඇති ශම්මි සිල්වා ක්‍රීඩා සමාජ අතර අප්‍රසාධයට පත්වූ නිලධාරියෙක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ අනුව නිලවරණ සටන මේ වන විටත් වැඩි වාසිය ජයන්ත ධර්මදාස මහතා හිමිකරගෙන අවසන් බව නොරහසක්.
    කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලබා දී ඇති කමිටු වාර්තාවේ නිර්දේශ මෙතෙක් ප්‍රසිද්ධ කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කර නැහැ. ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට හා වෛා්හාරික විගණනයක් සිදුකිරීම ඇතුළු සාධනීය පියවර රැසක් අමාත්‍යවරයා ගනු ලැබුවා. එමෙන්ම දූෂිතම ක්‍රිකට් ක්‍රීඩා කරන රට ලෙස ශ්‍රී ලංකාව හැදින්වීමෙන් ගලවා ගැනීමට මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ පනත් කෙටුම්පත කරලියට ගෙන ඒමටද අමාත්‍යවරයා කටයුතු කළා. ප්‍රධාන පුහුණුකරුගේ ඒකාධිකාරී බලය කප්පාදු කරමින් තේරීම් කමිටුවට බලතල යලි ලබාදීමටද ඔහු පියවර ගත්තා.
    මෙලෙස අභීතව කටයුතු කරමින් මෙරට ක්‍රිකට් ගොඩ නැංවීම සදහා පියවර ගත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කොන්ද කෙලින් තබාගෙන මෙම කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇතැයි Lanka Sports News බලාපොරොත්තු වනවා. එය දූෂිතයින්ගේ බලපෑමට යට නොවන ක්‍රීඩා අමාත්‍යවරයෙක් යලි මෙරට පත්වී ඇති බව කියා පෑමට ඇති කදිම අවස්ථාව බව අමුතුවෙන් කිව යුතු නැහැ.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතයි. එහිදී ක්‍රීඩා සමාජ ජන්ද 143 ක් භාවිත කිරීමට නියමිතයි. ඉන් ජන්ද 100 කට වැඩි පිරිසක් මේ වන විටත් සභාපති අපේක්ෂක ජයන්ත ධර්මදාස මහතාට සහය ලබාදෙන බව ප්‍රකාශ කර අවසන්. මෙහාන් සටනට ඉතිරිවීම සමගින් එය තහවුරු වී තවදුරටත් ඉහළ යනු ඇති. 

    No comments