• Breaking News

    හතුරුසිංහ කුසල් ජනිත්ට කළ දේ - හෙලිදරව්ව


    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසරේදී පාලනය වූයේ ඒකාධිපති හතුරුසිංහ යටතේයි. චන්දික හතුරුසිංහ යනු ලොව ඉති හොද පුහුණුකරුවකු බවට විවාදයක් නැහැ. එහෙත් ඔහු සිට ආධිපත්‍ය පතුරවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සිය භාරයට ගෙන සිටියා. තමන් කරන සියළුදේ නිවරදි බවයි ඔහුගේ මතය වුනේ. ඔහු වෙනුවෙන් රුපියල් ලක්ෂ 75 කට අධික මාසික වැටුපක් ගෙවීමට හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රමුඛ කමිටුව ගිවිසුම් අත්සන් කර තිබුණා.
    ගෙවීම කොපමණද යන්න අපට ප්‍රශ්නයක් නොවේ. එවැනි ගෙවීමක් සිදුකිරීමට තීරණය කරන්නට ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරාජයන් රැල්ලකට මුහුණදෙමින් සිටි කාලයක මෙරට ප්‍රධාන පුහුණුකරු තනතුර භාරගැනීම වෙනුවෙන් විය හැක. කෙසේ වෙතත් එතනින් නොනැවතී කණ්ඩායම තේරීමේ වගකීමද ඔහුට පවරා තිබුණා. දේශීය ක්‍රිකට් තරග නොබැලීම හේතුවෙන් දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂයින් ඔහුට මගහැරී ගියා. මේ හේතුවෙන් එකම ක්‍රීඩකයින් පිරිසක් ජාතික කණ්ඩායම නියෝජනය කළේ නවකයින්ට කණ්ඩායමේ ස්ථානයක් ලබා නොදෙමින්.
    කෙසේ වෙතත් ක්‍රිකට් තේරීම් කමිටුව අසන්ත ද මෙල් මහතා භාර ගැනීමත් සමග තත්වය වෙනස් වුණා. ඔහු ප්‍රධාන පුහුණුකරුගේ බලතල කප්පාදු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ හිටපු සභාපති තිලංග සුමතිපාල සිදුකර ඇත්තේ තේරීම් කමිටු බලතල පුහුණුකරුට පවරමින් නොකල යුතුව තිබූ දෙයක් බව පෙන්වමින්. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එය අනුමත කරමින් තේරීම් බලතල පුහුණුකරුගෙන් ඉවත් කළා. මේ අනුව බොහෝ දෙනෙකු පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම හැරදා පුහුණුකරු යනු ඇති බවයි. එය සිදුවූයේ නැහැ.
    පසුගියදා නිමාවූ ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට කුසල් ජනිත් පෙරේරා නම් කිරීමට ප්‍රධාන පුහුණුකරු දැඩි විරෝධයක් පලකර ඇතැයි සදහන්. එය ප්‍රතික්ෂේප කරමින් ඕස්ට්‍රේලියාවට කුසල් ජනිත් යැවීමට විරෝධය පළකරමින් ඔහුට නෙට් පුහුණුවීම් සිදුකිරීමට අවස්ථාවක් ලබා දී නැහැ. නෙට් පුහුණුසැසි වලදී කුසල්ට පිතිකරණ අවස්ථාව ලබාදී නොදීමට හේතුවී ඇත්තේ කුසල් ජනිත් පෙරේරා පුහුණුකරු චන්දිකගේ කල්ලියේ ක්‍රීඩකයෙක් නොවීම බවයි වාර් තා වන්නේ. පුහුණුකරු තෝරාගත් ක්‍රීඩකයින් 18 දෙනෙකු සිටි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශකයකු කියා සිටියේ. එම ක්‍රීඩකයින්ට පිටතින් වෙනත් ක්‍රීඩකයින්ට ජාතික කණ්ඩායම එක්වීමේ අවස්ථාව ලබා දී නැහැ.
    ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පසුගියදා බිද දැමුවේ එම ඒකාධිපති බලයයි. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට එක්වූ ක්‍රීඩකයින් 07 දෙනෙකු ඉවත් කර නවක ක්‍රීඩකයි 06 දෙනෙකු දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියට එක්වුණා. එරටදී පළමු තරගය වෙනුවෙන් කණ්ඩායම නම් කර ඇත්තේ බ්‍රෙන්ඩන් කුරුප්පු මහතායි. චන්දිමාල් වෙනුවට නායකත්ව දිමුත් කරුණාරත්නට හිමිවූයේ මෙම බලපෙරලියේ ප්‍රතිඵලයක් ලෙසයි. කුසල් ජනිත් පෙරේරා තරගයේ වීරයා වෙමින් දකුණු අප්‍රිකාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ එක් කඩුල්ලක තියුණු ජයක් වාර් තා කිරීමට ශ්‍රී ලංකාවට හැකිවූයේද මේ අනුවයි. කණ්ඩායම එකා වන්ව කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කිරීමද ඒ අනුව සිදුවුණා. මේ අනුව පුහුණුකරුගේ ඒකාධිපතිත්වය බිද දැමූ අසන්ත ද මෙල් මහතාට රටම ගෞරවනීය ස්තූතිය පිරිනැමිය යුතු නොවේද ?

    No comments