• Breaking News

    ක්‍රිකට් නිලවරණයේ සුමතිපාල මැර බලය කළුතර හොල්ලයි



    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඊට ඉදිරිපත්ව සිටි සුමතිපාල පාර්ශ්වයේ ප්‍රධාන සභාපති අපේක්ෂකයා වූ මොහාන් ද සිල්වාගේ නාමයෝජනාව පසුගියදා ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මේ අනුව එම පාර්ශ්වයේ ඉතිරිවී ඇත්තේ සභාපති අපේක්ෂක ශම්මි සිල්වා පමණයි. ඔහුට ක්‍රීඩා සමාජ බහුතරයක කැමැත්ත ලබාගැනීමට නොහැකි වී ඇතැයි සදහන්. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ ජන්ද 142 ක් භාවිත වීමට නියමිතයි. මේ වන විට ක්‍රීඩා සමාජ 65 ක් පමණයි සුමතිපාල පාර්ශ්වයට ජන්දය ලබාදීමට එකගතාව පලකර ඇත්තේ. ජන්දය හිමි ක්‍රීඩා සමාජ එය භාවිත කරන්නේ ක්‍රිකට් නිලවරණයේ කුමන අපේක්ෂකයාටදැයි තීරණය කරනු ලබන්නේ ඔවුන්ගේ ක්‍රීඩා සංගම් බහුතර මතයට අනුවයි. මේ අනුව ක්‍රීඩා සමාජ බිය වද්දා ජන්දය සිය පාර්ශ්වයට ලබාගැනීමේ මැර උත්සාහයක් සුමතිපාල පාර්ශ්වය ආරම්භ කර තිබෙනවා.
    මැර බලය කරලියට ආවේ කළුතර දිස්ත්‍රික් ක්‍රීඩා සමාජයේ ජන්ද භාවිත කිරීම තීරණය කිරීමට පැවති සාකච්ජාවේදීයි. බණ්ඩාරගමදී පැවති මෙම හමුවට කළුතර දිස්ත්‍රික් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩා සංගම් 20 ක නියෝජිතයින් එක්ව සිටියා. එහෙත් ඊට කිසිදු නොදුටු මුහුණු කිහිපයක්ම ඒ අතර වුනේ පසුපස සිටි මැර පිරිසකගේ බලයත්  සමගයි. විධායක කමිටුව මීට පෙර තීරණය කර තිබුනේ කළුතර නියෝජනය කරන අපේක්ෂකයින් සදහා සංගමයේ ජන්දය හිමිවිය යුතු බවටයි. අනෙක් තනතුරු සදහා මෙම හමුව සංවිධානය කර තිබුණා.
    මේ අනුව සභාපති අපේක්ෂක ජයන්ත ධර්මදාස මහතාට / රවීන් වික්‍රමරත්න මහතාට හා ගිහාන් වීරසිංහ යන මහත්වරුන්ට ජන්දය නිතරගයෙන් ලබාදීමටයි ඔවුන් තීරණය කර තිබුනේ. සෙස තනතුරු සදහා ජන්දය කාට ලබාදෙන්නේදැයි තීරණය කිරීමට පැවති මෙම සාකච්ජාව ගුටි කෙලියකින් අවසන්ව තිබෙනවා.
    මෙම හමුවට කිසිදු අදාලත්වයක් නැති බස්නාහිර පළත් ක්‍රිකට් සංගමයේ අනුර වීරසිංහ මහතා පැමිණ සිටි මැර පිරිස සමගින් පානදුර යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ ප්‍රනීත් පීරිස්ගේ බෙල්ල මිරිකා ඇතැයි වාර් තා වනවා. එම ගැටුම බේරා ගැනීමට චන්දන රොද්‍රිගු උත්සාහ ගත්තත් ඔහුට මැදිහත්වීමට මැර පිරිස ඉඩදී නැහැ. මේ අනුව බොහෝ අපහසුවෙන් එම ස්ථානයෙන් ඉවතට පැණගත් පිරිස කෙලින්ම ගොස් ඇත්තේ බණ්ඩාරගම පොලීසියටයි. ක්‍රීඩා සංගම් 13 ක් මැර ප්‍රහාරය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.
    මෙලෙස ජන්දය බලහත්කාරයෙන් ලබාගැනීමට ඔවුන් උත්සාහ කරමින් ඇත්තේ පරාජයේ වියරුවෙන් බව පෙනීයනවා. මහත්වරුන්ගේ ක්‍රීඩාව මහත් හොරුන්ගේ ක්‍රීඩාව බවට පත්කළ සුමතිපාල පාර්ශ්වය මැර හොරුන්ගේ තිප්පලක් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්කිරීම වැලැක්වීමේ බලය ඇත්තේ ක්‍රීඩා සමාජ වලට පමණයි. කෙසේ වෙතත් පරාජයෙන් සුමතිපාල පාර්ශ්වය බේරා ගැනීමට ජනාධිපතිවරයා මැදිහත්වනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. ඒ සිය කොළඹ දිස්ත්‍රික් සංවිධායක බේරා ගැනීමේ අරමුණින්. කෙසේ වෙතත් එය සිදු කරන්නේ කෙසේද යන්න මෙතෙක් පැහැදිලි නැහැ. මැර බලය පරාජය කිරීමට හා මහත් හොරුන්ගෙන් ක්‍රිකට් බේරා ගැනීමට හැකියාව ඇත්තේ කිසිදු බලපෑමක් නොවන්නේ නම් ජයන්ත ධර්මදාස මහතාට බව තහවුරු වී අවසන්. ඒ ඔහුට ජන්ද 77 ක් හිමිවීම මේ වන විට සපතකර තිබීම හේතුවෙන්. 

    No comments