ජනපති හා අගමැති ජයග්‍රහී ක්‍රිකට් කණ්ඩායමට සුභ පතයි
දකුණු අප්‍රිකා කණ්ඩායමට එරහිව පළමු ටෙස්ට් ක්‍රිකට්
තරගයේ ජයග්‍රහණය කළ ශ්‍රී
ලංකා කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්
සුභ පැතුම් එක්කර තිබෙනවා. කුසල් ජනිත් පෙරේරා හා යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම
විශිෂ්ඨ එකමුතු භාවයක් ප්‍රදර්ශනය කළ බවයි ටුවිටර් පණිවිඩ නිකුත් කරමිනුයි ඔවුන්
මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට්
තරගය එක් කඩුල්ලකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. ඒ අවසන් කඩුල්ලට ලොව
හොදම සබදතාවයේ වාර්තාව පිහිටවමින්. කුසල් ජනිත් පෙරේරා හා විශ්ව ප්‍රනාන්දු අවසන්
කඩුල්ල වෙනුවෙන් නොදැවී ලබා ගත් ලකුණු 78 ට එලෙස වාර්තා බිද දැමූ සබදතාවයි. එහි
කැපී පෙනෙන සිදුවීම වන්නේ ඉන් ලකුණු 06 ක් පමණයි විශ්ව ලබා ගත්තේ. නොදැවී ලකුණු
153 ක් ලබා ගත් කුසල් ජනිත් පෙරේරා තරගය ජයග්‍රහණයට කැදවාගෙන ගියේ සිය පෞද්ගලික
ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලබා ගනිමින්. මේ හේතුවෙන්ම තරගයේ වීරයා සම්මානයද ඔහුට
හිමිවුණා. මෙලෙස තරගය ජය ගැනීමට හේතුව වූයේ කණ්ඩායමේ සියළු අංශ සිය වගකීම් නිසි
ලෙස ඉටුකිරීම බව ක්‍රිකට් විචාරකයින් පවසනවා.
තේරීම් කමිටුව නවක ක්‍රීඩකයින්
දෙදෙනෙකු සමගින් මෙම තරගයට කණ්ඩායම නම් කළේ මෙම සංචාරයට සිදුකළ වෙනස්කම් 06 ක් අතරින්. ප්‍රධාන
පුහුණුකරු චන්දික හතුරුසිංහ තේරීම් කමිටු සමාජිකත්වයෙන් ඉවත්කර ඔහුට පුහුණුකිරීම
පමණක් පවරනු ලැබුවා. කණ්ඩායමේ එකමුතුභාවය මෙම තරගයේ ජයග්‍රහණයට හේතු වූ බව ක්‍රිකට්
තේරීම් කමිටුව පවසනවා. තරගයේ ලබා ගත් ජයග්‍රහණයෙන් පසු ඔවුන් එහි සතුට සැමරුවේ ක්‍රීඩා
විවේකාගාරයේයි. දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 21 වැනිදා ආරම්භවීමට
නියමිතයි.
No comments