• Breaking News

    වාර්තා බිද දැමූ ශ්‍රී ලංකා ක්‍රිකට් අලුත්කළ ඒවා


    දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ එක් කඩුල්ලකින්. දෙරට අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08 කින් ජය ගැනීමට සමත්වුණා. මේ අනුව දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජය ගත් පළමු ආසියා රට බවට ශ්‍රී ලංකාව කිසිදා නොබිදිය හැකි වාර් තාවක් පිහිටවූවා. එමෙන්ම මෙම තරගය වඩා වැදගත් වන්නේ ශ්‍රී ලංකාව ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් ක්‍රීඩා කරද්දී දකුණු අප්‍රිකාව ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් ක්‍රීඩා කර මෙම ජයග්‍රහණය වාර් තා කිරීම හේතුවෙන්. ඒ ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙනිය දකුණු අප්‍රිකා පළමු ඉනිමේ පන්දු යවමින් සිටියදී කෙලින්ම තමන් වෙතට පැමිණි උඩ පන්දුවක් රැක ගැනීමටය යාමේදී ආබාධයකට ලක්ව සති 06 ක් ක්‍රීඩා පිටියෙන් ඉවත්විය යුතු බව වෛද්‍යවරුන් පැවසීම හේතුවෙනුයි. මේ අනුව ඉනිම දෙකේදීම ඔහුට පිතිකරණයේ යෙදීමට හැකිවූයේ නැහැ. මෙලෙම කණ්ඩායමක්  ඉනිම දෙකේදීම ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් ක්‍රීඩා කර ලබාගත් පළමු ජයග්‍රහණය ලෙසද මෙය වාර් තා අතරට රන් අකුරින් එක්වුණා.
    කණ්ඩායම මෙම ජයග්‍රහණය ලබාගන්නට ඇත්තේ පුහුණුකරු වෙනුවෙන් විය යුතුයි. කණ්ඩායමේ ක්‍රීඩකයින් පවසන පරිදි මෙතෙක් කල් පරදින්නට ඇත්තේද පුහුණුකරු හේතුවෙන් විය යුතුයි.
    දෙරට අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 222 ක් ලබා ගත්තා. ඊට පිලිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවුනේ ලකුණු 154 ක් පමණයි. ලකුණු 68 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකා කණ්ඩායමට ලබාගත හැකිවුනේ ලකුණු 128 ක් පමණයි. මේ අනුව ලකුණු 197 ක ජයග්‍රහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනම මුළු ලකුණු පුවරුව 34 ක් ලෙස සටහන්ව තිබියදී තරග නරඹන්නන් බවට පත්වුණා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 19 ක් හා ලහිරු තිරිමාන්න ලකුණු 10 ක් පමණයි ලබා ගත්තේ. අනතුරුව පිටියේ එක්වූ කුසල් මෙන්ඩිස් හා ඕෂද ප්‍රනාන්දු ඉනිම ගොඩ නැංවීමට කටයුතු කළා. සිය දෙවන ටෙස්ට් තරගයේදී මංගල අර් ධ ශතකය වාර් තා කිරීමට ඕෂද ප්‍රනාන්දු සමත්වුණා. ටෙස්ට් ඉනිම 08 කට පසු අර් ධ ශතකයක් ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් සමත්වුණා.
    ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 197 ලබා ගැනීමට වැය කලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පමණක් වීම කැපී පෙනෙනවා. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 84 ක් හා ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 75 ක් ලබා ගත්තා. තරගයේ වීරයා සම්මානය මේ අනුව දිනා ගත්තේ කුසල් මෙන්ඩිස්. එය ලබා ගනිමින් ඔහු කියා සිටියේ සමාජ මාධ්‍ය තමන්ගැන කුමන දෙයක් ප්‍රකාශ කළද කණ්ඩායම සෑම විටම තමන් සමග සිටි බවයි. තරගාවලියේ වීරයා සම්මානය කුසල් ජනිත් පෙරේරා දිනා ගත්තා. මෙම තරගය දින දෙකක් ඉතිරිව තිබියදී අවසන් කිරීමත් කැපී පෙනෙනවා.
    දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ වීරයා වෙමින් හුදකලා සටනක නිරත වූ කුසල් ජනිත් පෙරේරා එම තරගයේ ජයග්‍රහණයේ නියමුව වුණා. දෙවන තරගයේ නියමුවා වෙමින් කණ්ඩායම ජයග්‍රහණය වෙත කැදවාගෙන ගියේ තවත් කුසල් කෙනෙකු වීම කැපී පෙනෙනවා. ඒ පසුගිය කාලයේ අසාර් තක වූ කුසල් මෙන්ඩිස් වීම විශේෂත්වයක්.

    No comments