• Breaking News

    අන්ධයින්ට බලයදී ක්‍රිකට් නිධානය ගොඩදාපු සෙට් එක


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු අන්ධයාගේ නිධානයක් බව අප අනාවරණය කළා. මෙවර ක්‍රිකට් නිලවරණයේදී ජන්ද වැඩි සංඛ්‍යාවක් සුමතිපාල පාර්ශ්වයට හිමිවීම පිලිබද අප සොයා බැලුවා. ඒ ක්‍රීඩා සමාජ බහුතරය ජයන්ත ධර්මදාස මහතාට ජන්දය ලබාදෙන බව සිදුකළ ප්‍රකාශයන් පසුව වෙනස්කිරීමට හේතුව මතුවූයේ එහිදීයි.
    ක්‍රිකට් නිලවරණයේ ජන්ද 142 ක් ප්‍රකාශකිරීමට සුදුසුකම් ලබා ගත්තේ අනුබද්ධ ක්‍රීඩා සමාජ 82 ක් සදහායි. මෙම ක්‍රීඩා සමාජ අතරින් බහුතරයක් අටවාගත් ක්‍රිකට් ක්‍රීඩා සමාජ බව අමුතුවෙන් කිව යුතු නැහැ. පසුගිය කාලයේ ක්‍රිකට් තරගාවලි සදහා කණ්ඩායම් එක්කිරීමට අපොහොසත් වූ ඔවුන්ට මදි නොකියන්නට ක්‍රිකට් ආයතනයෙන්  මුදල් හිමිව තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩා පිටි නොමැතිවත් තණතීරු සැකසීම සදහා මුදල් ලබාදී ඇත්තේ මෙවැනි ක්‍රීඩා සමාජ සදහායි.
    සභාපතිවරයා ලෙස තිලංග සුමතිපාල මහතා කටයුතු කළ සමයේ මෙවැනි නමට අටවාගත් ක්‍රීඩා සමාජ රැසක් බිහිවූ බවට චෝදනාවක් තිබෙනවා. කෙසේ වෙතත් දැන් සිදුකළ යුත්තේ අදුරට සාපකරමින් නොසිට එක් පහණක් හෝ දැල්වීමයි. මේ අනුව ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රිකට් නිලවරණයේ ජන්ද හිමි ක්‍රීඩා සමාජ ගණන වැඩි බව ප්‍රකාශ කරමින් නොසිට එවැනි ක්‍රිකට් ක්‍රීඩා සමාජ ඉවත්කිරීම කළයුතුයි. එය සිදුකිරීම ඉතාම පහසු බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.
    ක්‍රිකට් ආයතනයේ ජන්දය හිමි ක්‍රීඩා සමාජ 82 ක් තිබෙනවා. මෙම ක්‍රීඩා සමාජ පසුගිය කාලයේ සිදුකළ ක්‍රියාකාරකම් සොයා බැලිය යුතුයි. ඔවුන්ට ක්‍රිකට් ආයතනයෙන් ලබාදුන් මුදල් ප්‍රතිඵාදන හා ඒවා වැය කල ආකාරය සොයා බැලිය යුතුයි. මෙම ක්‍රීඩා සමාජ විගණනය කර මුදල් අවභාවිතාවන් සිදුව ඇති ආකාරය පරීක්ෂා කළ හැකියි. මෙම ක්‍රීඩා සමාජ නියෝජිතයින් විදෙස් සංචාර ක්‍රිකට් ආයතනයේ පිහිටෙන් ලබාගෙන ඇත්නම් ඒ පිලිබද වාර්තාවක් කැදවිය යුතුයි. ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩකයින් කොපමණ ප්‍රමාණයක් ජාතික තලයට ගෙනවිත් ඇත්දැයි පරීක්ෂා කළ හැකැයි. මෙවැනි සාමාන්‍ය ක්‍රියාවලියක් හරහා නාමික ක්‍රීඩා සමාජ ඉවත්කිරීමේ හැකියාව ලැබෙනවා. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙවැනි කටයුතු නොකර ක්‍රීඩා සමාජ ගණන අඩුකිරීමට කටයුතු කළහොත් එය විශාල ගැටළුවක් විය හැකියි.
    නාමික ක්‍රීඩා සමාජ සදහා පසුගිය කාලයේ ලබාදුන් ප්‍රතිඵාදන සුමතිපාල රූකඩයක් බලයට නෑවිත් යලිත් ලබාගැනීමට හැකියාවක් ඇත්තේ නැහැ. එමෙන්ම හිමිවූ ප්‍රතිඵාදන වියදම් නොකර සාක්කුවේ දමා ගත් ආකාරය රූකඩ පාලකයෙක් බලයට නොපැමිණිහොත් හෙලිවනවා. එය වලක්වා ගැනීමට නම් සුමතිපාල රූකඩ බලයට ගෙන ආ යුතුයි. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් සමස්ථ රටේ ජනතාව ඉල්ලා සිටින්නේ ක්‍රිකට් නිලවරණයේ ජන්දය හිමිවූ ක්‍රීඩා සමාජ 82 ක්‍රමවත් විගණනයක් සිදුකරන ලෙසයි. එය හොරුගේ අම්මාගෙන් පේන ඇසීමක් නොවිය යුතුයි. ක්‍රීඩා සමාජ විගණනය කරන තුරු Lanka Sports News අවදියෙන්.
    පෙර ලිපි


    No comments