බින්දුමාල්ගේ නායකත්ව කටු ඔටුන්න ගැලවූ මෙහෙයුම
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක
දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් දොට්ට දමා තිබෙනවා. ඒ වෙනුවට නායකත්ව කටු ඔටුන්න පලදවා
ඇත්තේ හිටපු උප නායක දිමුත් කරුණාරත්නටයි. ඔහුට දී තිබූ උප නායක පට්ටම හිමිව ඇත්තේ
නිරෝෂන් දික්වැල්ලටයි. දකුණු අප්‍රිකාව සමගින් ලබන 13 වැනිදා ආරම්භ වීමට නියමිත තරග
දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට නවක ක්‍රීඩකයින් තුන් දෙනෙකුගෙන් යුත් ශ්‍රී
ලංකා කණ්ඩායම අද නම්කළා. නිමාවූ ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා
කළ ක්‍රීඩකයින් 07 දෙනෙකුට සිය ස්ථාන අහිමි වී තිබෙනවා.
හිටපු නායක දිනේෂ් චන්දිමාල් / සදීර සමරවික්‍රම /
රොෂේන් සිල්වා / ලහිරු කුමාර / නුවන් ප්‍රදීප් හා දුෂ්මන්ත චමීරට එලෙස කණ්ඩායමේ
ස්ථානය අහිමි වී තිබෙනවා. දිල්රුවන් පෙරේරා සංචිතයෙන් ඉවත්කර ඇත්තේ ආබාධයකට ලක්ව
සිටීම හේතුවෙන්. ඔහු ඕස්ට්‍රේලියා සංචාරයේදී ද ආබාධයකට ලක්ව සිටි බව වාර්තා වනවා. එහෙත්
එය සගවා සිටීමට ඔහු සමත්ව ඇති බව සදහන්.
දකුණු අප්‍රිකා සංචාරය සදහා දෙරටු විවර වී ඇත්තේ
මිලින්ද සිරිවර්ධන / කෞෂාල් සිල්වා / ඇන්ජලෝ පෙරේරා / මොහොමඩ් ෂිරාස් / ලසිත් ඇඹුල්දෙනිය
හා ඕෂද ප්‍රනාන්දුටයි. ඕෂදට කණ්ඩායමේ දොරටු විවර වන බව අප සියල්ලන්ට පෙර අනාවරණ
කළා.
ඕස්ට්‍රේලියා තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 11 දෙනෙකුට මෙම තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව
හිමිව තිබෙනවා. දිමුත් කරුණාරත්න / නිරෝෂන් දික්වැල්ල / ලහිරු තිරිමාන්න / ධනංජය ද
සිල්වා / කුසල් මෙන්ඩිස් / කුසල් ජනිත් පෙරේරා / සුරංග ලක්මාල් / කසුන් රාජිත /
විශ්ව ප්‍රනාන්දු / චාමික කරුණාරත්න හා ලක්ෂාන් සදකැන් ඒ අතර වනවා.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමේ වගකීම
බ්‍රෙන්ඩන් කුරුප්පුට ලබාදී තිබෙනවා. මෙතෙක් කලක් ක්‍රිකට් කණ්ඩායම තේරීම සිදුකරනු
ලැබුවේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහයි. ඔහු පත්වූ දා සිට චන්දිමාල්ව රැක්කා.
එහෙත් තේරීම් ඔහුගෙන් ගැලවීම සමගිනුයි දිගින් දිගටම අසාර් ථක චන්දිමාල්ට නායකත්වය
පමණක් නොව කණ්ඩායමේ ස්ථානයද අහිමිව ඇත්තේ. දේශීය ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කර
යලි ලකුණු අතරට පැමිණිය හොත් පමණක් යලි ඔහුට ජාතික කණ්ඩායමට එක්වීමේ අවස්ථාව
හිමිවනවා. මෙතෙක් කලක් සුවච කීකරු කුක්කන්ට හිමිව තිබූ තැන යොවුන් ක්‍රීඩකයින්ට
ලබා දෙමින් වෙනසක් සිදුකිරීමට උත්සාහ කිරීම පිලිබද තේරීම් කමිටු සභාපති අසන්ත ද
මෙල් මහතාට Lanka Sports News
උත්තමාචාරය. අවධානමක් නොගෙන සාර්
ථක වීමක් නැහැ. මේ අනුව තේරීම් කමිටුවේ මෙම වෙනසට Lanka Sports News සුභ පැතුම්.
පෙර ලිපිය
No comments