ජේෂඨ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුගෙන් FCID ප්‍රශ්න කරයි - Video
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය කාලයේ සිදුවූ
සිදුවීම් පිලිබද බොහෝ දෙනෙකු දැන සිටියේ නැහැ. ඒ තොරතුරු වසන් කිරීම හේතුවෙන්.
එහෙත් මේ වන විට එම කාලයේ සිදුවූ බොහෝ සිදුවීම් අනාවරණ වී අවසන්. හිටපු ක්‍රිකට්
ක්‍රීඩකයින් දෙදෙනෙකුගෙන් FCID
පැය ගණන් ප්‍රශ්න කර තිබෙනවා. ඒ
හිටපු පාලනය කළ දැනුම්දීමකට අනුවයි.
පසුගිය කාලයේ මෙරට ක්‍රිකට් අගාධයට ගියේ පරිපාලනයේ
වරදින්. ඒ පිලිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති අපේක්ෂක ජයන්ත ධර්මදාස මහතා
කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙලෙස අනාවරණ කළා. එහිදී ලේකම්ධූර අපේක්ෂක නිෂාන්ත
රණතුංග මහතාද අදහස් පළකළා.
මෙලෙස ලොව දූෂිතම රට බවට ශ්‍රී ලංකාව පත්කළ හිටපු
පාලනයට ජන්දය ලබාදීමට කටයුතු කරන්නේද යන්න මෙරට ක්‍රීඩා සමාජ තීරණය කළ යුතුයි.
හොරු සමග හෙලුවෙන් එවැනි ක්‍රීඩා සමාජ සිටින්නේ ඇයිදැයි ක්‍රීඩා අමාත්‍යාංශය පසුව
විදිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21
වැනිදා පැවැත්වීමට නියමිතයි.
No comments