ICC දූෂණ මර්ධන ඒකකයෙන් ලංකාවට රිදෙන තවත් වාර්තාවක් ?
ශ්‍රී ලංකා ක්‍රිකට් ලොව දූෂිතම රට බව ජාත්‍යන්තර
ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය පසුගියදා නිවේදනය කළා. ඒ මුදලට තරග පාවාදීම්
රැසක් මෙරටින් වාර්තා වන බව පවසමින්. ඔවුන් මෙරට තාවකාලික කාර්යාලයක් පිහිටවූ අතර
ස්ථිර කාර්යාලයක් පිහිටුවීමද අවසර ඉල්ලා සිටියා. ඒ ජනාධිපතිවරයා හා ක්‍රීඩා අමාත්‍ය
හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ට වාර්තාවක් පෙන්වමිනුයි.
පසුගිය වසරේදී සිදුවීම් 32 ක් පිලිබද පරීක්ෂණ සිදුකළ අතර හිටපු ක්‍රිකට් නායක හා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය / ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ වේග පන්දු යැවීමේ පුහුණුකරු නුවන් සොයිසා හා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට මුදලට තරග පාවාදීම් පිලිබද සිදුකරන විමර්ශනයන්ට සහය නොදෙන බව පවසමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය තරග තහනමක් පැනවීමටද කටයුතු කළා.
අනතුරුව ඔවුන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් හා පරිපාලකයින්ට
මුදලට තරග පාවාදීම සදහා බුකීකරුවන් සිදුකළ පෙලබවීම් වාර්තා කිරීමට සහන කාලයක් ලබා
දුන්නා. ඒ පසුගිය මස 16 වැනිදා සිට 31 වැනිදා දක්වායි ( 2019 ජනවාරි 16 සිට 31 දක්වා ). ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මුදලට තරග පාවාදීම් පිලිබද විමර්ශනය කරන
දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් මහතා පැවසුවේ නව තොරතුරු රැසක් දින
පහලොවක එම සහන කාලයේදී ලැබුණු බවයි. ඒ පිලිබද කිසිදු පරීක්ෂණ වාර්තාවක් මෙතෙක්
නිකුත්ව නැහැ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය
මෙරට පිලිබද සිදුකළ නවතම පරීක්ෂණ වාර්තාව ඉදිරි දින දෙක තුල නිකුත් කිරීමට නියමිත
බවයි වාර්තා වන්නේ. ක්‍රීඩා අමාත්‍යාංශයට ඇතුළුව නිකුත් කිරීමට නියමිත මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත්වූ නව නිලධාරීන් පිලිබද තොරතුරුද ඇතුලත්
බව සදහන්. මෙම වාර්තාව මෙරට ක්‍රිකට් හැරවුම් ලක්ෂයක් බවට පත්වන ඇති.
කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද
සිල්වා මහතා කියා සිටියේ තෙපර බාමින් නොසිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ
මර්ධන ඒකකය ඔවුන් සතු තොරතුරු ප්‍රසිද්ධ කළ යුතු බවයි. එසේ නොවුනහොත් ජාත්‍යන්තර
ක්‍රිකට් කවුන්සිලයට එරහිවද ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවයි.
තරග මුදලට පාවාදීම වැලැක්වීමට එරහිව කටයුතු කිරීමට මෙරට තුල නීතියක් ඇත්තේ නැහැ. එවැනි කටයුත්තක් අනාවරණය වුවහොත් ලබාදිය හැක්කේ තරග තහනමක් පමණයි. මුදලට තරග පාවාදීම වැලැක්වීම සදහා පනත් කෙටුම්පත සකස් කරනු ලැබුවේ 2014 වසරේදීයි. එහෙත් 2015 වසරේ සිදුවූ ආන්ඩු පෙරලිය හේතුවෙන් එය කරලියට ආවේ නැහැ. එම පනත ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අතුරුදන් වූවා. කෙසේ වෙතත් මෙම පනත යලි කරලියට ආවේ ක්‍රීඩා අමාත්‍යධූරය හරීන් ප්‍රනාන්දු මහතාට හිමිවීමෙන් පසුවයි. එය ලබන මැයි මාසය වන විට මෙරට නීතියක් බවට පත්කිරීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලාපොරොත්තුවයි.
No comments