• Breaking News

    ක්‍රිකට් වැනසූවන්ගැන ජනපති මෛත්‍රී කියයි - Video


    වර්තමානය වන විට රටම පිරිහී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අර්ජුන රණතුංග ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තද අද වන විට ක්‍රිකට් දූෂිතම ක්‍රීඩාව වී ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියා. ඒ හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල හා හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඉදිරියේ සිටි සභාවකදීයි. එම වීඩියෝව පහතින්.
    කෙසේ වෙතත් පසුගිය කාලයේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම සදහා හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා කටයුතු කළ බව මාධ්‍යහමු කිහිපයකදීම කියා සිටියා.  එසේ තිබියදී එම කාලයේ සිදුවූ මූල්‍ය ගණුදෙනු සෙවීම සදහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විදෙස් සහය ලබාගනිමින් වෛා්හාරික විගණනයක් සිදුකිරීම ආරම්භ කර තිබෙනවා. එය සිදු කරන්නේ විගණකාධිපති ගිණුම් නිවරදි බව තහවුරු කර තිබියදී වීම කැපී පෙනෙනවා.

    No comments