කිබුලා හා හූනා අසරණ කළ ඇමති අර්ජුන - Video
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සදහා සභාපති
අපේක්ෂක ලෙස ඉදිරිපත්වූ මොහාන් ද සිල්වා හා උප සභාපති අපේක්ෂක රවීන් වික්‍රමරත්න
යන මහත්වරුන්ගේ නාමයෝජනා පසුගියදා ප්‍රතික්ෂේප කළා. ඒ බව පළමුව වාර්තා කළේ අප
වෙබ් අඩවියයි. මෙම වාර්තාව අනතුරුව නීතිපතිවරයා වෙත යොමු කිරීමට ක්‍රීඩා අමාත්‍ය
හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කළා. ඉන් අභියාචනා කමිටුවේ තීරණය නිවරදි බව තහවුරු වුණා.
කෙසේ වෙතත් මෙම තීරණයට අභියෝග කරමින් ඉදිරියේදී නීතියේ පිහිට පතන බව ඔවුන් දෙදෙනා
අද කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා. ඊට සභාපති අපේක්ෂක ශම්මි සිල්වා
මහතාද එක්ව සිටියා. ඔවුන් පළකල අදහස්වලට අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද අදහස්
පළකිරීමට කටයුතු කළා. එම තොරතුරු පහත වීඩියෝවෙන්.
ක්‍රීඩා සමාජ වෙනුවෙන් ජන්ද 142 ක් ක්‍රිකට් නිලවරණයේදී භාවිතවීමට නියමිතව
තිබෙනවා. ඉන් 100 කට අධික සංඛ්‍යාවක් මේ වන විට ජයන්ත ධර් මදාස මහතාට හිමිවන බව
ස්ථිර කර ඇතැයි වාර්තා වනවා.
පෙර ලිපි
No comments