• Breaking News

    තණතීරුවට ශ්‍රී ලංකාවේ වෙනස්කම් 04 ක්


    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය පළමුව පන්දු රැකීමට දකුණු අප්‍රිකා කණ්ඩායම තීරණය කළා. මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සැදුම්ලත් විය හැකි ආකාරය අප සියල්ලන්ට පෙර වාර් තා කළා. එහිදී අප කියා සිටියේ එම කණ්ඩායම තරගයට නම් කිරීම පිලිබද අවසන් තීරණය ගනු ලබන්නේ තණතීරුව පරීක්ෂා කිරීමෙන් පසුව බවයි. එය නිවරදිවම සිදුව තිබෙන ආකාරයක් දක්නට ලැබෙන්නේ තණතීරුවට අනුව වෙනස්කම් 04 ක් සිදුව තිබෙනවා.
    තණතීරුව ස්පොන්ච් ඉපිලීමක් සහිත ආකාරයක් දක්නට ලැබෙනවා. මේ අනුව අපගේ කණ්ඩායමේ සිටි පියුමාල් පෙරේරා / කසුන් රාජිත / ඇන්ජලෝ පෙරේරා හා අවිශ්ක ප්‍රනාන්දුට කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබෙනවා. ඒ වෙනුවට කණ්ඩායමට එක්ව ඇත්තේ විශ්ව ප්‍රනාන්දු / අකිල ධනංජය / දනංජය ද සිල්වා හා කුසල් ජනිත් පෙරේරායි.
    සෙසු ක්‍රීඩකයින් ලෙස ඕෂද ප්‍රනාන්දු / කුසල් මෙන්ඩිස් / තිසර පෙරේරා / ලක්ෂාන් සදකැන් / උපුල් තරංග / නිරෝෂන් දික්වැල්ල හා නායක ලසිත් මාලිංගයි.
    පෙර ලිපිය

    No comments