හතුරු එක්ක ක්‍රීඩකයින් 05 ක් ඉවතට
දකුණු අප්‍රිකා කණ්ඩායම සමග ලබන 19 වැනිදා සිට
පැවැත්වෙන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ලසිත් මාලිංගගේ නායකත්වයෙන්
ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. එක්දින සංචිතයට ඇතුලත්ව සිටි ක්‍රීඩකයින් 05 දෙනෙකුට
ස්ථානය අහිමි වෙද්දී ක්‍රීඩකයින් සිව්දෙනෙකු පන්දුවාර 20 යි 20 තරගාවලියට එක්ව
සිටිනවා. මේ අතර දෙරට අතර පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 තරගාවලිය සදහා ක්‍රීඩකයින්
16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.
එක්දින සංචිතයේ ක්‍රීඩකයින් පස්දෙනෙකුට
ස්ථාන අහිමි වෙද්දී ක්‍රීඩකයින් සිව් දෙනෙකුට ඊට කැදවා තිබෙනවා. පාදයේ ආබාදයකට
ලක්ව සිටින කුසල් ජනිත් පෙරේරා සමගින් උපුල් තරංග / ඕෂද ප්‍රනාන්දු / විශ්ව ප්‍රනාන්දු
හා කසුන් රාජිත ඉවතට ගිය ක්‍රීඩකයින් වනවා. ඒ වෙනුවට කණ්ඩායමට එක්ව ඇත්තේ සදීර
සමරවික්‍රම / සුරංග ලක්මාල් / අසිත ප්‍රනාන්දු හා ජෙෆ්රි වැන්ඩර් සියි. මෙම
තරගාවලියට තරග තුනක් ඇතුලත්.
මේ අතර දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලියට එක්ව
සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා යලි ශ්‍රී
ලංකාවට කැදවා තිබෙනවා. ඒ එළබෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සැලසුම් සකස්කිරීම වෙනුවෙන්
බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. 2018 වසරේ සිට ප්‍රධාන පුහුණුකරු ලෙස
කටයුතු කරන හතුරුසිංහ මහතා සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2020 වසර දක්වා ගිවිසුම්
ගතව සිටිනවා. දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සදහා ශ්‍රී ලංකා ක්‍රිකට්
ප්‍රධාන පුහුණුකරු ලෙස පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන් මහතා කටයුතු කරන
බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
කෙසේ වෙතත් ප්‍රධාන පුහුණුකරු ඉවත්කිරීමට හේතුව
වී ඇත්තේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පිලිබද
කර ඇති පැමිණිලි හේතුවී ඇතැයි සදහන්. ඔවුන් පවසා ඇතැයි වාර් තා වන්නේ පුහුණුකරුගේ පීඩනය දරාගත නොහැකි බවයි. ඊට හේතු වී ඇත්තේ ඉතිහාස ගත
ජයග්‍රහණයක් ටෙස්ට් පිටියේ ලබාගත්තද එක්දින පිටියේදී දිගින් දිගටම ලබන පරාජයන්ය.
No comments