• Breaking News

    හිටපු ක්‍රිකට් සභාපතිට වසර 10 ක ICC තහනමක්


    මුදලට තරග පාවාදීම් හා දූෂණ පිලිබද පළමු ස්ථානය මේ වන විට දිනා සිටින්නේ ශ්‍රී ලංකාවයි. මීට පෙර එම ස්ථානය දිනාගෙන සිටිනේ සිම්බාබ්වේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වසර ගණනක් පුරා සිදුකළ විමර්ශනයකින් පසු සිම්බාබ්වේ ක්‍රිකට් අධ්‍යක්ෂ ඉනොකි කෝප්ට ( Enock Ikope ) වසර 10 ක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය සිදුකරන පරීක්ෂණයන්ට සහය නොදැක්වීම / සාක්ෂි වසන් කිරීම / පරීක්ෂණයන්ට බාධා සිදුකිරීම / ජංගම දුරකථනයේ දත්ත ලබා නොදීම හා මකා දැමීම යන කරුණු ඇතුලත්වයි. ඔට්ටු ව්‍යාපාරය හා බුකීකරුවන් සමග සමීප සබදතා ඔහුට පැවති බව පරීක්ෂණයන්ගෙන් තහවුරු වී තිබෙනවා.
    වගන්ති තුනක් යටතේ දඩුවම් පැනවීම සිදුකර තිබෙනවා. මේ අනුව ඔහුට ඉදිරියේදී ක්‍රිකට් තරග නැරඹීමට අමතරව වෙනත් කිසිදු ක්‍රිකට් කටයුත්තකට එක්වීමේ හැකියාවක් නැහැ. වසර 10 ක කාලය අවසන් වීමෙන් පසු යලිත් ඉනොකිට ක්‍රිකට් සදහා එක්විය හැකි බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර් ධන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් මහතා පවසනවා.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාටද මෙලෙසම බුකී ව්‍යාපාරය සමග සමීප සබදතා තිබෙනවා. ස්පෝටින් ස්ටාර් බුකී ආයතනය හිටපු සභාපතිවරයාගේ පවුලේ ව්‍යාපාරයක්. මේ වන විට එම මුදලට ඔට්ටු තබන බුකී ව්‍යාපාර‍ය පවත්වාගෙන යන්නේ හිටපු සභාපතිවරවාගේ සහෝදරයායි.
    ක්‍රීඩා නීතියට අනුව බුකී ව්‍යාපාරයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ පුද්ගලයන්ට ජාතික ක්‍රීඩා සංගම් සදහා එක්වීමේ හැකියාවක් නැහැ. එය අමු අමුවේ උල්ලංඝණය කරමින් ක්‍රිකට් සභාපති වූ තිලංග සුමතිපාල මහතා මෙරට ක්‍රිකට් ලොව දූෂිතම රට බවට පත්කළා. එහි ගෞරවය ඔහුට හා යහපාලන රජයට හිමිවිය යුතුයි. එමෙන්ම පසුගිය වසර 04 ක කාලය තුල මෙරට ක්‍රිකට් පළමු තැන සිට 09 වන ස්ථානය දක්වා පල්ලම් බැද ඇත්තේ ජයග්‍රහණ සිහිනයක් බවට පත්කරමින්. හිටපු සභාපතිවරයා තමන්ට යා යුතු මග කියා දෙමින් පසුපස සිටින බව සභාපති ශම්මි සිල්වා පසුගියදා ක්‍රිකට් ආයතනයේ පැවති හමුවකදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා. මේ අනුව තවමත් මෙරට ක්‍රිකට් දූෂණයෙන් බේරී නැති බව අමුතුවෙන් කිව යුතු නැහැ.


    No comments