දකුණු අප්‍රිකාවට ගහන්න ලංකාවෙන් එන නවකයින් මෙන්න
දකුණු අප්‍රිකා ආරාධිත ක්‍රිකට් කණ්ඩායම සමග
පැවති පුහුණු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 06 ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක
ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනා දකුණු අප්‍රිකාව පළමුව
පන්දුවට පහරදීමට තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ඔවුන් පන්දුවාර 48 ක් අවසානයේ
සියළුදෙනා දැවී ලකුණු 304 ක් ලබා ගත්තා. පන්දු යවන්නන් 08 දෙනෙකුට අවස්ථාව ලබාදුන්
ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා වෙමින් නායක යලිත් ලසිත් මාලිංග සිය
හැකියාවන් ලොවට කියා පෑවා. ඔහු කඩුලු 05 ක් දවා ගනිද්දී කසුන් රාජිත කඩුලු 02 ක්
දවා ගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම
පන්දුවාර 41 ක් අවසානයේ කඩුලු 04 ක් පමණක් දැවී ලකුණු 307 ක් ලබා ගනිමින් තරගය
පහසුවෙන් ජය ගත්තා. ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 72 ක් හා උපුල් තරංග
ලකුණු 45 ක් ඉනිමට එක්කළා. කුසල් මෙන්ඩිස් ලකුණු 47 ලබා ගනිද්දී ඕෂද ප්‍රනාන්දු
නොදැවී ලකුණු 63 ක් ලබාගත්තා. කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 26 ක් ලබා
ගනිද්දී නොදැවී ලකුණු 31 ක් ලබා ගැනීමට පියුමාල් පෙරේරා සමත්වුණා.
මෙම තරගයේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් නවක ක්‍රීඩකයින්
දෙදෙනෙකුට දෙරට අතර අනිද්දා පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාව ලබාදීම
කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. ඕෂද ප්‍රනාන්දු හා පියුමාල් පෙරේරා එම ක්‍රීඩකයින්
වනවා. කුසල් මෙන්ඩිස් / කසුන් රාජිත / තිසර පෙරේරා / ලක්ෂාන් සදකැන් / ඇන්ජලෝ
පෙරේරා / උපුල් තරංග / අවිශ්ක ප්‍රනාන්දු / නිරෝෂන් දික්වැල්ල හා නායක ලසිත්
මාලිංග සෙසු ක්‍රීඩකයින් ලෙස මෙම තරගයේදී ක්‍රීඩා කරනු ඇති.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මෙම කණ්ඩායම කණ්ඩායම
දෙරට අතර පැවැත්වීමට නියමිත පළමු තරගයට මෙම කණ්ඩායම නම් කරනු ඇතැයි ක්‍රිකට් ආයතනයේ
ප්‍රකාශකයකු කියා සිටියා. බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා තේරීම් කමිටු නියෝජනය කරමින්
එරටට ගොස් සිටිනවා. මෙම කණ්ඩායම පිලිබද අවසන් තේරීම එදින තණතීරුව පරීක්ෂා කිරීමෙන් පසු සිදුකරනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායම අප වෙත ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රකාශකයා කියා සිටියා.
No comments