• Breaking News

    ශ්‍රී ලංකා කණ්ඩායමට වෙච්ච දේ


    දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන හා තීරණාත්මක එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව තිබෙනවා. මේ අනුව කණ්ඩායමට එක්ව ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් හා ඉසුරු උදානයි. විශ්ව ප්‍රනාන්දු හා දනංජය ද සිල්වාට කණ්ඩායමේ ස්ථානය හිමිව තිබෙනවා. මැදපෙළ හා වේග පන්දු බල ඇණිය ශක්තිමත් කිරීම බලාපොරොත්තුව වී තිබෙනවා.
    එක්දින වරම් දිනා ගත් කමිදු මෙන්ඩිස් 20 වන වියේ පසුවන යොවුන් ක්‍රීඩකයෙක්. අත් දෙකෙන්ම එකසේ පන්දු යැවීමට දස්කම් දක්වන ඔහු ක්‍රීඩා කර ඇත්තේ එක් පන්දුවාර 20 තරගයක් පමණයි. කමිදු ඉතා හොද තුන්ඉරියව් ක්‍රීඩකයෙක්. දකුණු අප්‍රිකා ආරාධිත ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පුහුණු එක්දින තරගයේදී පන්දුවෙන් හා පිත්තෙන් එකසේ දස්කම් දැක්වීමට ඔහු සමත්වුණා.
    කෙසේ වෙතත් දකුණු අප්‍රිකා කණ්ඩායමේද පසුපෙළ කඩුලු 05 ම ලකුණු 50 ක් තුල පසුගිය තරග 25 දීම බිද වැටී තිබෙනවා. එහෙත් ඔවුන්ගේ ඉදිරිපෙළ පිතිකරුවන් වගකීම් සහගතව ක්‍රීඩාකරද්දී පන්දු යවන්නන් ප්‍රතිඵල පෙන්වීම ජයග්‍රහණයට හේතු වුණා. එවැනි තත්වයක් ඇතිකර ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේද අවශ්‍යතාව බවට පත්ව තිබෙනවා.
    ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේදීද පිතිකරුවන් 04 දෙනෙකු / පන්දු යවන්නන් හා තුන් ඉරියව් ක්‍රීඩකයින් තුන් දෙනෙකු බැගින් යොදාගෙන තිබෙනවා.

    No comments