• Breaking News

    කුසල්ගේ අකුසලය - ලෝක කුසලානය අහිමිවෙයි


    ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරගයේ පන්දු රකිමින් සිටියදී පන්දුවක් නවතාලීමට ගත් උත්සාහයක් අසාර් ථක වීමත් සමග වම් පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්. රෝහල් ගතකර සිදුකළ පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඔහුගේ මස්පිඩු ඉරීයාමකට ලක්ව ඇති බවයි. සති 05 ත් 09 ත් අතර කාලයක් විවේක ගන්නා ලෙසයි වෛද්‍යවරුන් උපදෙස් ලබාදී ඇත්තේ. මේ අනුව ඔහුට ලබන මැයි මාසයේ සිට ආරම්භවන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අහිමිව යනවා.
    දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 71 කින් පරාජයට පත්වුනා. මෙම පරාජයට හේතුවුනේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව රැස්කළ ලකුණු 331 හඹායාමේදී ඇතිවූ වැස්ස බව නායක ලසිත් මාලිංග පවසනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16 ක් අවසානයේ කඩුලු 02 ක් දැවී ලකුණු 75 ක් ලබාසිටියදී වර් ශාව ඇද වැටුණා. මේ අනුව පැය තුනකට අධික කාලයක් තරගය නතරකර තිබීම හේතුවෙන් ජයග්‍රහණය සදහා හිමිවූ ඉලක්කය පන්දු 48 කදී ලකුණු 118 ක්.
    එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 03 ක් අහිමිවී ලබා ගත හැකිවුනේ ලකුණු 46 ක් පමණයි. මේ අනුව පන්දුවාර 24 ක් අවසානයේ කඩුලු 05 ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 121 ක් ලෙස ප්‍රධාන ලකුණු පුවරුවේ සටහන්ව තිබුණා. තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී තරගාවලි ජය වාර් තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැරදි ප්‍රයෝජනයට ගනිමින්.

    No comments