• Breaking News

    හතුරු එක්ක බෑ - වව්ටස් ඉල්ලා අස්වෙයි


    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ජෙරී වව්ටස් මහතා ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇතැයි වාර්තා වනවා. ඒ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සමග කටයුතු කළ නොහැකි බව පවසමිනුයි. ක්‍රිකට් ආයතනය දැනුම්දී ඇත්තේ දකුණු අප්‍රිකා තරගාවලිය අවසන් වන තුරු රැදී සිටින ලෙසයි. මේ අතරතුරදීයි හතුරුසිංහ මහතා යලි ශ්‍රී ලංකාවට කැදවා ගැනීමට කටයුතු කළේ.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ චන්දික හතුරුසිංහ යලි ශ්‍රී ලංකාවට කැදවීමට කටයුතු කරනු ලැබුවේ එළඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සැලසුම් සකස්කිරීම සදහා බවයි. එහෙත් අප අනාවරණය කළේ ක්‍රීඩකයින් රැසක් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා එල්ලකරන පීඩනය දරාගත නොහැකි බව ක්‍රිකට් ආයතනයට පැමිණිලි කර ඇති බවයි. තරග පරාජයට හේතුවී ඇත්තේ එය බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
    හතුරුසිංහගේ හොදම ගෝලයා වූ දිනේෂ් චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත්කිරීමත් සමග ශ්‍රී ලංකාව ඉතිහාසය වෙනස් කරමින් දකුණු අප්‍රිකාවේදී එරටට එරහිවම පූර් ණ ටෙස්ට් ජයක් වාර් තා කළා. අනතුරුව එක්දින තරගාවලියේ මෙතෙක් පැවති තරග 04 ම පරාජයට පත්වුණා. දැන් හතුරුසිංහව යලි ශ්‍රී ලංකාවට කැදවා තිබෙනවා. මේ අනුව බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිරි තරගය හා පන්දුවාර 20 යි 20 තරගාවලිය ජයගනු ඇති බවයි.
    ලබන මැයි මස සිට ආරම්භ වන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකරු ලෙස තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා කටයුතු කරනු ඇතැයි වාර්තා වනවා. මීට පෙර මෙම තරගාවලියේ තේරීම් කටයුතු සදහා ඔහු එම තරගාවලියට එක්වීමටයි නියමිතව සිටියේ. මේ අනුව කණ්ඩායම් කළමණාකරු හා තේරීම්  සිදුකිරීම අසන්ත ද මෙල් මහතාට හිමිවනු ඇති.
    චන්දික හතුරුසිංහ මහතා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ පසු කණ්ඩායම් කළමණකාරුවන් තුන්දෙනෙකු මේ අනුව ඔහු සමග කටයුතු කළ නොහැකි බව පවසමින් ඉවත් වී තිබෙනවා. අසංක ගුරුසිංහ හා චරිත් සේනානායක මීට පෙර එලෙස ඉල්ලා අස්වුණා.

    No comments