Sunday, March 17, 2019

දකුණු අප්‍රිකාව එකට එක කරයි - අපේ අනාවැකි සියල්ල හරි


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලිය පූර් ණ ජයග්‍රහණයක් වාර් තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා. ඒ දෙරට අතර පැවති පස්වන හා අවසන් තරගය ලකුණු 41 කින් ජය ගැනීමත් සමගයි. කේප්ටවුන්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 03 ක් අවසානයේ සියළුදෙනා දැවී ලකුණු 225 ක් ලබා ගත්තා. මේ අනුව අවසන් එක්දින තරග 08 දීම ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 ක්‍රීඩා කර නැහැ.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 28 ක් අවසානයේ කඩුලු 02 ක් දැවී ලකුණු 135 ක් ලබා සිටියදී තරගය නතර කළා. ඒ විදුලි පහන් කුලුනක මතුවූ දෝෂයක් හේතුවෙන්. මේ අනුව ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 41 ක ජයග්‍රහණයක් ඔවුන්ට හිමිවුණා.
මෙම තරගාවලිය පුරා Lanka Sports News අප එක්දින වරම් දිනා ගන්නා ක්‍රීඩකයින් පිලිබද තරගයට පෙර සියල්ලන්ට පෙර සිදුකළ අනාවරණ සත්‍ය වුණා. අනාවැකි නිවරදි වුවද තරගාවලි පරාජය පිලිබද අපට සමස්ථ ක්‍රීඩා ලෝලීන් සමග ඇත්තේ කණගාටුවක්. මෙම තරගාවලියේ ටෙස්ට් තරගාවලිය පූර්ණ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනේ වාර්තා පිට වාර්තා තබමින්. ඒ දකුණු අප්‍රිකාව එරටදී පූර්ණ ටෙස්ට් ක්‍රිකට් තරගාවලි පරායට ලක්කළ පළමු ආසියා රට බවට පත්වෙමිනුයි.
පෙර ලිපි



No comments:

Post a Comment