Monday, March 18, 2019

නරින්ට කුකුල්ලු භාරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට්


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය දූෂිත හා හිතවතුන් වෙනුවෙන් පෙනී සිටින එකක් බවට අමුතුවෙන් කිවයුතු නැහැ. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් එකම නායකයා අර්ජුන රණතුංග අමාත්‍යවරයා තුන් වතාවක්ම පරාජයට පත්වුණා. බුකී හිමිකරුවෙක් ලෙස ක්‍රිකට් ආක්‍රමණය කළ පුද්ගලයින්ට අවශ්‍ය ලෙස ක්‍රීඩා සමාජ සිය මනාපය එලෙස පළකිරීම සිදුවන්නේ අරුම පුදුම ලෙසයි. මෙවර ක්‍රිකට් නිලවරණයේදී තමන් හූනෙක් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ශම්මි සිල්වා සභාපති පුටුවේ ඉදගන්නේ මේ අනුහසින් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඊට උදව් කළ ක්‍රීඩා සමාජ නියෝජිතයින් පිනවීම මේ අනුව ආරම්භවී අවසන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා උප කමිටු නම්කරනු ලැබුවා. එහිදී කාන්තා ක්‍රිකට් සංවර්ධනය භාරදී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාටයි. ඔහු සභාපතිත්වය දරණ කාන්තා ක්‍රිකට් කමිටුවේ සාමාජිකයින් 06 දෙනෙකු නම්කර තිබෙනවා. මෙම පත්කිරීම පිලිබද අදහස් දැක්වූ ක්‍රීඩිකාවක් පැවසුවේ හාන්සිවීමට කැමති ක්‍රීඩිකාවන් කණ්ඩායමට එක්ව මහන්සි නිවාගනු ඇති බවයි.

අමාත්‍ය අර්ජුන රණතුංගට පිටුපා දේශපාලන මිතුරා වූ තිලංග අනුව යමින් මෙවර ක්‍රිකට් නිලවරණයේදී බදුල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජ ඡන්දය අමාත්‍ය ඩිලාන් පෙරේරා ලබාදෙන ලෙස මෙහෙයවා තිබුණා. බදුල්ලේ ගොඩයා ගොඩ

No comments:

Post a Comment