• Breaking News

    විනිසුරුවන්ද හොරට පත්වී ක්‍රිකට් වනසන විනිසුරු මාෆියාව


    හැංගි හැංගී වෙස් බැන්දාට නටන්න වෙන්නේ එලිපිටය. දහ අට සන්නිය ආලවට්ටම් දමා කරලියේ රග දෙන්නේ රටේ ඉහළම සිට සිටින ජෝකර් ලාට පින් සිද්ද වෙන්නයට. ශ්‍රී ලංකා ක්‍රිකට් කියූ සැනින් ආසියාවේ ප්‍රභලව සිටි රටක් ලෙස ලෝකයා හදුන්වාදීම ආරම්භ කර අවසන්ය. 1996 වසරේදී ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකාව පසුගිය වසර කිහිපයේදී ආ පස්සට ගොස් ඇත්තේ ඇණ කොටා ගැනීමේ ප්‍රතිඵලය ලෙසයි. සියල්ලන්ගේ ඇසට වැලි ගසමින් ක්‍රිකට් විනිසුරුවන් මෙම පුණ්‍ය කර්මයට දායක වී ඇත්තේ මෙරට ක්‍රිකට් කීර්තිය උගසට තබමිනුයි. ජාතික ක්‍රිකට් විනිසුරු ප්‍රතිපත්ති ප්‍රකාශය කුණු කූඩයට දමා ඇත්තේ කිසිදු හිරිකිතක් නැතුවය. ශ්‍රී ලංකාව සංවිධාය කර පසුගියදා මෙරටදී පැවති නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ මාර් තු 16 වැනිදා ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති මූලික අධියරේ අවසන් තරගයේන් අනතුරුව කැමරාවල සටහන් වූයේ බංග්ලාදේශ ක්‍රීඩක විවේකාගාරයේ වීදුරු කුඩුවී ඇති අන්දමයි. තරගය ආවරණය කිරීමට ගොස් සිටි මාධ්‍යවේදීන්ට මෙම සිදුවීම නිල වශයෙන් රූගත කිරීමට ඉඩක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබා දුන්නේ නැහැ. එහෙත් වීදුරු කුඩුවීම කැමරාවෙන් සැගවීමට නොහැකිවුවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සත්‍ය සිදුවීම සැගවීමට සමත්වුණා. මෙම තරගයේ තීරක ක්‍රිස් බෝඩ් සිදුවීම පිලිබද CCTV දර්ශය ලබා දෙන ලෙස දැනුම් දුන්විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එය ගොඩින් බේරා ගත්තේ තරග නිමාවත් සමග බංග්ලාදේශ ජයග්‍රහණයේ ඔද වැඩුනු එරට නායක ශකිබ් අල් හසන් වේගයෙන් දොර වැසීම එයට හේතුව බවයි.
    කෙසේ වෙතත් මෙම සිදුවීමට මූලික හේතුව වූයේ ඉසුරු උදාන ක්‍රියාත්මක කළ තරගයේ අවසන් පන්දුවාරයේදී පන්දු දෙකක් උරහිස මට්ටමින් යොමු කළද නිපන්දුවක් ලෙස එය සටහන් නොකිරීමයි. එය නිපන්දුවක් ලෙස බංග්ලාදේශ ක්‍රිඩක මොහොමදුල්ලා ඉල්ලා සිටියද ඉන් පළක් වූයේ නැහැ. එරට නායක ශකිබ් අල් හසන් ක්‍රීඩකයින්ට තරග නොකර යලි පැමිණෙන ලෙස දැනුම් දුන්නේ ඉන් පසුවයි. 
    නමුත් ක්‍රීඩකයින් ඊට අවනත වුනේ නැහැ.  කෙසේ වෙතත් මෙම ආන්දෝලනාත්මක විනිසුරු තීරණ හමුවේදීත් බංග්ලාදේශය මෙම අවසන් පන්දුවාරයේදී තරගයේ ජයග්‍රහණයට ලබා ගත යුතු වූ ලකුණු 12 ලබා ගැනීමට සමත්වුණා. එහිදී පිටියේ විනිසුරුවන් වූයේ රුචිර පල්ලියගුරු හා රවීන්ද්‍ර විමලසිරියි. රැන්මෝ මාටිනස් තුන්වන විනිසුරු ලෙස කටයුතු කළා. තරගයෙන් අනතුරුව ක්‍රිකට් විචාරකයින් මෙම සිදුවීම පළමුව සමාන කලේ ශ්‍රී ලංකා නායකයා ලෙස අර් ජුන රණතුංග ඕස්ට්‍රේලියානු විනිසුරු ඩැරල් හෙයාර් 1995 වසරේදී මුත්තයියා මුරලිදරන්ගේ පන්දු නිපන්දු ලෙස සටහන් කිරීමට විරෝධය පළ කරමින් ක්‍රීඩයින් කැටිව ක්‍රීඩා පිටියෙන් ඉවත්වීමයි. මෙලෙස ශ්‍රී ලංකාවේ විනිසුරුවන්ට නොහැකි බවට ජාත්‍යන්තරය ප්‍රශ්න කිරීමත් සමග අප සිදුකළ සොයා බැලීමකදී අලු යට තිබූ ගිණි පුපුරු රැසක් පිටතට පැමිණියා.
    ක්‍රිකට් තරග විනිශ්චය කිරීම සදහා දේශීය විනිසුරුවන් යොදවන්නේ ජාතික විනිසුරු ප්‍රතිඵත්තිය අනුවයි. එහි දැක්වෙන්නේ ටෙස්ට් / එක්දින හා පන්දුවාර 20 ජාත්‍යන්තර තරග සදහා ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලේ විනිසුරුවකු සමග ජාතික මට්ටමේ විනිසුරුවකු ලෙසයි. යොවුන් / ඒ ක්‍රිකට් හා වයස 19 න් පහළ තරග විනිශ්චය සදහා ජාතික මට්ටමේ මෙන්ම පළමු ශ්‍රේණියේ සහ දෙවන ශ්‍රේණියේ  විනිසුරුවන් ද නම් කරයි. අනෙකුත් දේශීය මට්ටමේ තරග සදහා ද එවැනි ප්‍රතිඵත්තිමය තීරණයක් ගෙන ඇත.
    2016 වසරේ සිට මේ දක්වා දෙවන පෙළ ජාත්‍යන්තර තරග විනිශ්චය සදහා විනිසුරුවන් උසස් කිරීමේ මෙම විනිසුරු ප්‍රතිඵත්ති ප්‍රකාශය උල්ලංගණය කර ඇත්තේ අමු අමුවේයි. 2015 ජාතික විනිසුරු ශ්‍රේණිගත කිරීම් අනුව දෙවන ශ්‍රේණයේ අවසන් ස්ථානයට ශ්‍රේණිගත විනිසුරු වන රංගනාත් ප්‍රසන්න  පළමු ශ්‍රේණියේ විනිසුරුවන් 16 දෙනෙකු සිටියදී දෙවන පෙළ ජාත්‍යන්තර තරග විනිශ්චය සදහා යොදවා තිබෙයි. එපමණක් නොව ජාතික විනිසුරු ශ්‍රේණිගත කිරීම් අනුව තුන්වන ශ්‍රේණයේ විනිසුරුවන් දෙදෙනෙකුද ඊට යොදවා ඇත්තේ කිසිවකු සොයා බැලීමක් සිදු නොකිරීම ප්‍රයෝජනයට ගනිමින්ය. තුන්වන ශ්‍රේණියේ 6 වන ස්ථානය හිමිකරගෙන සිටින එස්.පී.ඩී ජයමහමුදලි හා එහි 12 වන තැන සිටින හේමන්ත බොතේජු පළමු ශ්‍රේණියේ විනිසුරුවන් අභිභවා ඇත්තේ කිසිදු හේතුවක් නොමැකිවය. මෙලෙස හිතුමතේ කටයුතු කරමින් සිටියදී ඊට හිටි හැටියේ දුස්රාවක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වැටෙයි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් විනිසුරුවන් උසස් කිරීම සදහා අනුමත ක්‍රියා පටිපාටිය උල්ලංඝණය කිරීම පිලිබද ක්‍රීඩා අමාත්‍යාංශය පරීක්ෂණයක් 2017 වසරේ ඔක්තෝම්බර් 24 වැනිදා පවත්වා ඇත. එවකට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා එම පරීක්ෂණයේ ප්‍රතිඵලක් ලෙස 2018.01.09 දින ලිපියක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ 2015 වසරේදී  එවකට ක්‍රීඩා අමාත්‍යවරයා අනුමතකළ විනිසුරුවන් උසස් කිරීම පමණක් පිලිගන්නා බවයි. 2016 වසරේ සිට මේ දක්වා පවත්වන ලද විනිසුරුවන් උසස් කිරීමේ පරීක්ෂණ ප්‍රතිඵල සියල්ල අවලංගු කර නැවත පරීක්ෂණයක් පවත්වන ලෙසත් එම ලිපියෙන් දැනුම් දී ඇත. අවලංගු කළ කාලය තුල දෙවන පෙළ ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිශ්චය කිරීමේදී මාධ්‍යනේ වසන් වූ අපූරු සිදුවීම් කිහිපක් සිදුවී ඇත්තේ පුදුම සහගත ලෙසය.
     2015 වසරේදී ශ්‍රී ලංකා හා ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ තරග දෙකකදීම වැරදීමෙන් එක් පන්දුවාරයක පන්දු 08 ක් යැවීමට අවස්ථාව ලබා දුන් ලින්ටන් හැනිබල් විනිසුරු පසුගිය අප්‍රේල් 08 සිට 11 වැනිදා පැවති අන්තර් පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අශාන් ප්‍රියංජන ලකුණු 95 ක් ලබා සිටියදී බඩේ වැදුනු පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගිය ක්‍රිඩකයෙක් ලෙස සටහන් කළා. ඒ වන විට මෙම තරගාවලියේ ශතක දෙකක් ලබා ගෙන සිටි අශාන් ප්‍රියංජනට බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරග සංචාරය අහිමිවීමටද එය බලපෑ බවයි ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවීනයින්‍ගේ මතය වී ඇත්තේ. මෙම ආන්දෝලනාත්මක ලින්ටන් හැනිබල් විනිසුරු ලබන 26 වනදා කොළඹ පී සරා ඕවල් ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකා එක්දින පුහුණු තරගයේ ප්‍රධාන පුහුණුකරුවකු ලෙස නම්කර තිබෙයි. මේ අතර මෙම තරගාවලියේ පසුගිය 07 වනදා හා 08 වනදා පැවති දෙදින පුහුණු තරගයේ හතරවන විනිසුරු ලෙස නම් කර සිටියේ ජාතික විනිසුරු ශ්‍රේණිගත කිරීමේ තුන්වන ශ්‍රේණියේ හේමන්ත බොතේජුයි. ඔහුට පළමු පෙළ හෝ දෙවන පෙළ ශ්‍රේණිගත ජාතික විනිසුරු තත්වය ලබා දුන්නේ කාගේ උවමනාවට කුමක් සදහාද යන්න ප්‍රශ්නකාරී වී ඇත. මෙතෙක් ජාතික විනිසුරුවන් ශ්‍රේණිගතකිරීමක් සිදුකර නැත. මේ අනුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ලබා දුන් නියෝගයට අනුව ක්‍රියාත්මක විය යුතු වන්නේ 2015 වසරේ විනිසුරු ශ්‍රේණිගත කිරීමය. එහෙත් පසුගිය වසරේ මැයි 05 වැනිදා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ජාත්‍යන්තර තරග විනිශ්චය සදහා දේශීය විනිසුරුවන් හතර දෙනෙකු නම් කිරීම සිදුකර ඇත්තේ ඒසී කාමරයකදීයි. විනිසුරුවන් උසස් කිරීම සිදුකළ යුත්තේ කණ්ඩායම් නායකයන් ලබා දෙන තරග වාර් ථා / පිටියේ ක්‍රියාකාරීත්වය / ඇස්පෙනීම / තරග තීරකවරුන් ලබාදෙන තරග වාර් ථා හා ශ්‍රේණිගත කිරීම් සදහා පැවැත්වෙන විභාග මෙන්ම ශ්‍රේණිගත කිරීම් සදහා ලබා දෙන සම්මුඛ පරීක්ෂන හා ජේෂ්ඨත්වය සලකා ආදී කරුණු සැලකීමෙනුයි. එහෙත් මෙම ඒසී කාමරයේදී එවා කිසිවක් සැලකිල්ලට ගෙන නැහැ. එහිදී ආන්දෝලනාත්මක විනිසුරු හේමන්ත බොතේජු  නම් කිරීම සිදුකර ඇත්තේ ඉතිහාසය වෙනස් කරමින්ය. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර තරග සදහා නම් කර ඇත්තේ ජාතික විනිසුරුවන් තුන්දෙනෙකු පමණයි. මෙවර එය හතර දක්වා වැඩිවී තිබෙන්නේ කිසිදු හේතුවක් නොමැතිවය. 

    No comments