Wednesday, March 20, 2019

සුපිරි පන්දුවාරයෙන් දකුණු අප්‍රිකාව ජයගත් හැටි


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර 20 යි 20 තරගයෙන් තියුණු ජයක් වාර් තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා. කේප්ටයුන් හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට දකුණු අප්‍රිකා කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 02 ලකුණු 07 ක් ලෙස මුළු ලකුණු පුවරුවේ සටහන් වෙද්දී දැවී ගියා. නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් එලෙස දැවී ගියා. අනතුරුව හුදකලා සටනක නිරත වූ කමිදු මෙන්ඩිස් ලකුණු 41 ක් ඉනිමට එක්කළා. ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු අවාසනාවන්ත ලෙස දැවී ගියා. ඒ හතරේ සීමාව අසලදී උඩපන්දුව රැකගෙන උඩ දමා හයේ සීමාවට ගොස් යලිත් ක්‍රීඩා පිටියට පැමිණ එම පන්දුව රැක ගනිමින්. හෙන්ඩ්‍රික්ස් එම දක්ෂතාව දැක්වූ පන්දු රකින්නායි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 134 ක් ලබා ගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලබාගත්තේ ලකුණු 134 ක් පමණයි. ඒ අවසන් පන්දුවේදී එක ලකුණක් පමණක් ලබාගැනීමත් සමගයි. මෙලෙස කණ්ඩායම් දෙකේම ලකුණු සමවීමට හේතුවූයේ අවසන් පන්දුවාර 04 දීම ලබාගත්තේ ලකුණු 17 ක් පමණක්වීමයි. මේ අනුව ජය පරාජය තීරණය කිරීමට සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට විනිසුරුවන් කටයුතු කළා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එම පන්දුවාර ක්‍රියාත්මක කළේ නායක ලසිත් මාලිංගයි. එම පන්දුවාරයේදී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 14 ක් ලබාගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.
ඉම්රාන් තහීර් ක්‍රියාත්මක කළ පිලිතුරු පන්දුවාරය මුහුණ දනුනේ අවිශ්ක ප්‍රනාන්දු හා තිසර පෙරේරායි. ඔවුන් දෙදෙනාට ලබාගත හැකිවුනේ ලකුණු 05 ක් පමණයි. මේ අනුව ලකුණු 09 ක ජයක් දකුණු අප්‍රිකා කණ්ඩායම සතුවුණා. දෙරට අතර දෙවන පන්දුවාර 20 යි 20 තරගය අනිද්දා පැවැත්වීමට නියමිතයි.

No comments:

Post a Comment