වෙනසක් නෑ - මාලිංග - හතුරු ක්රිකට් ආයතනයේ රහස් සාකච්ජා
දකුණු අප්රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත
දෙවන පන්දුවාර 20 තරගය හෙට මෙරට වේලාවෙන් රාත්රී 09 යි 15 ට සෙන්චූරියන්හිදී
ආරම්භ වනවා. තරගය සදහා සූදානම් කර ඇති තණතීරුව පිතිකරුවන්ට වඩා වාසිදායක බවයි ක්රිකට්
විචාරක මතය වී ඇත්තේ. කෙසේ වෙතත් මෙම තරගයට ශ්රී ලංකා කණ්ඩායම කිසිදු වෙනසක්
නොමැතිව පිවිසෙනු ඇති. ඒ නිරෝෂන් දික්වැල්ලට තවත් අවස්ථාවක් ලබා දෙමින්.
මේ අතර ශ්රී ලංකාවට කැදවූ ප්රධාන පුහුණුකරු
චන්දික හතුරුසිංහ මහතා රහස් සාකච්ජාවකට ශ්රී ලංකා ක්රිකට් ආයතනයට හොර රහසේ ඇතුළු
වී තිබෙනවා. එහිදී ඔහු විමසා ඇත්තේ හිටි හැටියේ තමා කැදවීම අනුමත කළ නොහැකි බවයි.
ක්රිකට් ආයතනය වෙනුවෙන් ඊට එක්වූ සභාපති ශම්මි සිල්වා ප්රමුඛ කණ්ඩායම දැනුම් දී ඇත්තේ
කණ්ඩායමේ වෙනසක් සදහා එය සිදුකළ බවයි. ක්රීඩකයින් ඔහු පිලිබද කර ඇති පැමිණිලි පිලිබදවද හතුරුසිංහ දැනුවත් කර නිදහසට කරුණු විමසා ඇතැයි සදහන්.
ක්රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා
සමග විශේෂ සාකච්ජාවකට ඔහු යලි හෙට දිනයේ පැමිනෙන බවයි වාර්තා වන්නේ. එහිදී උණුසුම්
සංවාදයක් ඇතිවනු ඇති. තේරීම් කමිටු සභාපතිවරයා සිටින්නේ ප්රධාන පුහුණුකරුට ලක්ෂ
70 කට වඩා වැඩි වැටුපක් ගෙවීම අපරාදයක් බවයි. ඒ ප්රතිඵල පෙන්වීමට ඔහු අසමත්වීම
හේතුවෙන්.
හතුරුසිංහ දකුණු අප්රිකාවේ සිටියදී ශ්රී ලංකා එක්දින කණ්ඩායම අන්ත පරාජයක් ලැබුවා. ඔහු දිවයිනට පැමිණීමෙන් පසු පැවති එක්දින තරගයේදී කණ්ඩායමේ එකමුතු භාවය ඉහළ ගිය අතර සැබෑ සටන්කාමී තත්වයක් දැකිය හැකිවුණා.
No comments