එක්දින පරාජයන් පසුපස බුකී තිලංග - තොරතුරු සහිත අනාවරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වාර් තා පිට
වාර් තා තබමින් දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එරටදීම
පූර් ණ තරගාවලි ජයක් වාර් තා කළේ එවැනි හපන්කමක් කළ පළමු ආසියාතික රට බවට පත්වෙමින්.
මේ අනුව බොහෝ දෙනා පැවසුවේ එක්දින තරගාවලියද ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු
ඇති බවයි. ඒ පැවති ජයග්‍රහී මානසිකත්වය හා නවක ක්‍රීඩකයින් පුහුණු තරගයේදී ප්‍රදර්
ශනය කළ දක්ෂතා හේතුවෙන්. එහෙත් තත්වය උඩු යටිකුරු වුණා.
දකුණු අප්‍රිකා කණ්ඩායම සමග මෙතෙක් පැවති තරග 04
දීම අන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 හෝ ක්‍රීඩා කිරීමට
හැකිවූයේ නැහැ. දෙරට අතර අද පැවැත්වීමට නියමිත පස්වන හා අවසන් එක්දින තරගයේදී
කසුන් රාජිත වෙනුවට ඇන්ජලෝ පෙරේරා ක්‍රීඩා කිරීමට නියමිත බවට තොරතුරු එරටින්
ලැබෙන්නේ මේ අතර වාරයේදීයි.
කෙසේ වෙතත් මෙම සියළු විපර් යාස ආරම්භ වන්නේ පසුගිය
මස 25 වැනිදායින් පසුවයි. ඊට හේතුව අප සොයා බැලුවා.
පසුගිය 25 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ
විධායක කමිටු රැස්වීම පවත්වා උප කමිටු 16 ක් පත්කර තිබෙනවා. එහිදී ජාත්‍යන්තර
සබදතා හා ජාතික ව්‍යාපෘති කමිටු සභාපතිත්වයට බකී සබදතා හේතුවෙන් ඉවත්වීමට සිදුවූ හිටපු
සභාපති තිලංග සුමතිපාල මහතා පත්කර තිබෙනවා. ජාතික සංවර් ධන කමිටුවටද ඔහුව පත්කර
තිබෙනවා.
එදායින් පසු පැවති එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා
ක්‍රිකට් කණ්ඩායම සංවර් ධනය වෙමින් නියමිත පන්දුවාර 50 හෝ ක්‍රීඩා කිරීමට නොහැකිව
අන්ත පරාජයන් ලැබුවා. ජාත්‍යන්තර බුකීකරුවන් මුදලට තරග පාවාදීම සදහා දේශීය නිලධාරීන්
සම්බන්ධ කර ගනිමින් ක්‍රීඩකයින් වරදට පොලබවා ගන්නවා. ජාත්‍යන්තර සබදතා මෙරට බුකී
සබදතා හේතුවෙන් ඉවත්වීමට සිදුවූ තිලංග සුමතිපාල මහතාට භාරදීම හා ජාතික කණ්ඩායම නියමිත
පන්දුවාර 50 හෝ ක්‍රීඩා කිරීමට නොහැකි ලෙස සංවර් ධනය වීම එකම කාලයක සිදුවීම පුදුම
සහගත සිදුවීමක් වනවා. බුකී සබදතා හේතුවෙන් ඉවත්වූ හිටපු සභාපති තිලංග සුමතිපාල
මහතා මෙරට ක්‍රිකට් පුධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා පත්කිරීම සිදුකළා.
ඔහුගෙන් තේරීම් ඉවත්කිරීමත් සමගයි ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය
ලබා ගත්තේ. ඔහු එරටින්ම ගෙන්වූ පසු පැවැත්වෙන තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන
දක්ෂතා පිලිබද දූෂණ විරෝධී සියල්ලන්ගේ අවධානය යොමුව තිබෙනවා.
No comments