දකුණු
අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයේ ශ්‍රී
ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස යලිත් නිරෝෂන් දික්වැල්ල කටයුතු කරනු ඇති. දෙරට
අතර පැවති අවසන් එක්දින තරගයේදී ඔහුට ඉවතට ඇද දැමුවේ පිතිකරුවෙක් ලෙස අසාර්ථකවීම
හේතුවෙන්. මේ අනුව කඩුලු රැකීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට පැවරුණා. කෙසේ වෙතත් දික්වැල්ලට
තවත් අවස්ථාවක් ලබාදීමට තේරීම් කමිටුව තීරණය කිරීමත් සමග ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී
ලංකා කණ්ඩායමේ කඩුලු රැකීමේ වගකීම භාර ගැනීම කෙරෙහි අවස්ථාවක් පවතිනවා.
මේ
අතර අවසන් එක්දින තරගයට ක්‍රීඩා කළ අනෙක් ක්‍රීඩකයින් සමගින් සදීර සමරවික්‍රම ක්‍රීඩා
කරනු ඇති බවයි එරටින් ලැබෙන වාර්තා පවසන්නේ. මෙම තරගය පැවැත්විමට නියමිත
කේප්ටවුන් ක්‍රීඩා පිටියේ විදුලි ආලෝක කුලුණක ඇතිවූ දෝෂයක් හේතුවෙන් පස්වන එක්දින
තරගයේ පන්දුවාර 22 ක් අතහැර දැමුණා. කෙසේ වෙතත් හෙට රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන
මෙම තරගය සදහා සියළු කටයුතු සූදානම් බවයි එරට ක්‍රිකට් බලධාරීන් පවසන්නේ. මෙම තරගය
මෙරට වේලාවෙන් රාත්‍රී 09 යි 30 ට පමණයි ආරම්භ වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවමානයේ
කැලැල් මකා දැමීමට අවස්ථාවක් ලබාදෙමින්. දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය වාර්තා
කබමින් ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියේ අන්ත පරාජයට ලක්වුණා.
මෙම
ක්‍රීඩා පිටියේ දෙරට අතර පන්දුවාර 20 යි 20 තරග තුනක් පවත්වා ඇති අතර ඉන් තරග දෙකක
ජය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.
No comments:
Post a Comment