Tuesday, March 26, 2019

මහින්දට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නඩු ?


ජලක්‍රීඩා හා පිහිනුම් සංගමයේ හිටපු සභාපති මහින්ද ලියනගේ මහතාට පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශය වසරක ක්‍රීඩා තහනමක් ලබා දුන්නා. ඒ ජයග්‍රහී ක්‍රීඩිකාව ඉවත්කර තමන් යටතේ පුහුණුවන පරාජිත ක්‍රීඩිකාවක් ප්‍රථම ස්ථාන ලබාගත් බවට ප්‍රකාශ කර ත්‍යාග ලබාදීමට කටයුතු කිරීම හේතුවෙන්. මෙම ක්‍රීඩිකාවට ජයග්‍රහනය ලබාදීමට විනිසුරු මණ්ඩලය හා ප්‍රධාන විනිසුරු විරෝධය පළකරද්දී එය සිදුකිරීම විශේෂ සිදුවීම වුණා. මේ පිලිබද ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව වසරක තහනම පැනවුණා.
ජලක්‍රීඩා හා පිහිනුම් සංගමය අත්හිටුවා අතුරුකමිටුවක් පසුගිය වසරේදී පත්කරනු ලැබුවා. එහෙත් මේ වන තුරු සංගමයට අදාල කිසිදු චංචල දේපලක් ලබාදීමට හිටපු සභාපති මහින්ද ලියනගේ මහතා කටයුතු කර නැහැ. ජාත්‍යන්තර ජල ක්‍රීඩා හා පිහිනුම් සංගමය සමග ගණුදෙනු කරන විද්‍යුත් ලිපිනය හා එහි මුරපදය එලෙස ලබා නොදුන් දේ අතර ප්‍රධාන වනවා. මේ හේතුවෙන් හිටපු සභාපතිවරයා ජාත්‍යන්තර සංගමය හා තවමත් රහසින් ගණුදෙනු සිදුකරන බවයි වාර් තා වන්නේ.
ඉන්දියාවේ පැවැත්වීමට නියමිත වූ දකුණු ආසියා ජල ක්‍රීඩා හා පිහිනුම් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 111 දෙනෙකුට අවස්ථාව හිමිවූයේ නැහැ. මෙම කණ්ඩායම තරගාවලියට එක්කිරීමට කටයුතු කරනු ලැබුවේ අතුරු කමිටුවයි. එහෙත් හිටපු සභාපතිවරයා ජාත්‍යන්තර සංගමයට දැනුම්දී තිබුනේ දේශපාලන අවශ්‍යතා මත මෙම කණ්ඩායම තරගාවලියට එක්කිරීමට සූදානම් වන බවයි. මේ අනුව ජාත්‍යන්තර සංගමය මෙම කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි කිරීමට කටයුතු කළා. ඒ හිටපු සභාපති මහින්ද ලියනගේ හා ජාතික ඔලිම්පික් කමිටුවේ අවශ්‍යතාව මතයි.
එලෙස ජාත්‍යන්තර සංගමය සමගින් දිගින් දිගටම කටයුතු කිරීමට කූට ලෙස භාවිත කරන විද්‍යුත් ලිපිනය හා මුර පදය යලි අතුරු කමිටුවට ලබානොදීම පිලිබද කුරුදුවත්ත පොලීසියේ පැමිණිල්ලක් සිදු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. පැමිණිල්ලට අනුව පුර පදය ලබාදීමට කටයුතු නොකළ හොත් සිවිල් නඩුවක් පැවරීමටයි ක්‍රීඩා අමාත්‍යාංශය බලාපොරොත්තු වන්නේ.
පෙර ලිපි
ක්‍රීඩා නීතිය බල්ලට දැමූ මහින්ද

ලංකාවෙන් ලංකාවට එරහිවම පෙත්සමක් - උඩ බලන් මැක්සි කෙල ගහලා

No comments:

Post a Comment