සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින
තරගය ලකුණු 16 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා. සෙන්චූරියන්හි පැවති
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා. ඒ අනුව
පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමට ආරම්භක පිතිකරු හෙන්ඩ්‍රික්ස් සමගින් එක්වූ
වෑන් ඩර් වාර්තා ගත දෙවන කඩුල්ලේ සබදතාවක් පිහිටුවීම හේතුවෙන් නියමිත පන්දුවාර 20
අවසානයේ කඩුලු 03 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී
ලංකා කණ්ඩායමට යලිත් සාර්ථක ආරම්භයක් හිමිවූයේ නැහැ. ඉදිරිපෙළ පිතිකරුවන් යලිත්
අසාර්ථක වුණා. අවිශ්ක ප්‍රනාන්දු හා කමිදු මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියා. කුසල්
මෙන්ඩිස් ලබාගත්තේ ලකුණු 04 ක් පමණයි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 20 ක් හා තිසර
පෙරේරා ලකුණු 22 ක් ලබා ගනිමින් ජීවයක් ලබාදීමට උත්සාහ කළා. මැදපෙළ හා පසුපෙළ
පිතිකරුවන් යලිත් අසාර්ථක වෙද්දී ඉසුරු උදාන කණ්ඩායම ජයග්‍රහණය වෙත කැදවාගෙන යාමට
හුදකළ සටනක නිරත වුණා. ඔහු නොදැවී පන්දු 48 කදී හතරේ පහර 08 ක් හා හයේ පහර 6 ක්
සමගින් ලකුණු 84 ක් ලබා ගත්තේ ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත්කළා. පන්දුවාර 20
තරගයක ඔහු ලබාගත් පළමු අර්ධ ශතකය මෙය වන අතර පෞද්ගලික වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද
වාර්තා අතරට එක්වුණා.
පළමු පන්දුවාර 20 තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා
කණ්ඩායම කිසිදු වෙනසකින් තොරව මෙම තරගයට ක්‍රීඩා කරන බව අප පැවසූ අනාවැකිය යලිත්
නිවරදි වුණා.
No comments:
Post a Comment