ක්‍රිකට් ආයතනය දෙදරයි - තිලංග හා බූකී ගැන පරීක්ෂණ
ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල
මුදලට තරග පාවාදීමෙන් අංක එක බවට ශ්‍රී ලංකාව ඔසවා තැබුවා. ඒ කිසිදා මෙරට ක්‍රිකට්
බුකී සමග ගණුදෙනු කරන බවට චෝදනාවකට ලක්නොවූ ඉතිහාසයට කලු පැල්ලමක් එක් කරමින්. 2014
වසරේ පන්දුවාර 20 ක්‍රිකට් ලෝක ශූරයන් වූ ලංකාව 2018 වසරේදී ශ්‍රේණිගත කිරීම් අතර
09 වන තැනට ඇද වැටුනා. ශ්‍රී ලංකාවෙන් බිහිවූ ප්‍රවේගකාරී පිතිකරු සනත් ජයසූරිය
පසුව තේරීම් කමිටු සභාපතිවීමෙන් පසු මුදලට තරග පාවාදීමේ චෝදනා යටතේ තහනමට ලක්ව
තිබෙනවා. ඒ සිදුකරන පරීක්ෂණයන්ට අවශ්‍ය සහය ලබානොදෙන බව පවසමින්.
මේ අතර තිලංග සුමතිපාලගේ සහෝදරයා පාලනය කරන
ස්පේටින් ස්ටාර් සූදු ව්‍යාපාරය ආධායම් බදු දෙපාර්තමේනුතුවට ලිපිගොනු අංක BLT / 1002 යටතේ බදු ගෙවනවා. ක්‍රීඩා පනතට අනුව සූදු ව්‍යාපාර
සදහා සෘජුව හෝ වක්‍ර සම්බන්ධයක් ඇති අයෙකුට ක්‍රීඩා සංගම් තනතුරු දැරීමේ හැකියාවක්
ඇත්තේ නැහැ. එම නීතිය කුණු කූඩයට දමමින් තිලංග ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරනු
ලබනවා.
තිලංගට වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය අනු කමිටු
සභාපති තනතුර ලබාදීමෙන් පසු පිබිදෙමින් ආ මෙරට ක්‍රිකට් යලි අගාධයකට ඇද වැටුනා. ඒ
බව අප සාක්ෂි සහිතව අනාවරණය කරනු ලැබුවා. මේ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට තිලංගගේ
බුකී සබදතා හා වත්මන් තනතුරු ලබාදීම් පිලිබද පැමිණිලි කිහිපයක් ලැබී තිබෙනවා. ඒ
පිලිබද ඉදිරියේ ක්‍රීඩා අමාත්‍යාංශය ස්වාධීන පරීක්ෂණයක් සිදුකරනු ඇති. කෙසේ වෙතත්
මෙම අනාවරණ හා තොරතුරු හෙලිවීම් හේතුවෙන් ක්‍රිකට් ආයතනය දෙදරා ගොස් තිබෙනවා. මෙම තත්වය හමුවේ සභාපති හා ලේකම් අතර පවතින දිය යට ගින්දර කරලියට පැමිණ විධායක කමිටුවේ බේදීමක් සිදුවනු ඇතැයි වාර්තා වනවා. ඊට වැඩි කාලයක් ගත නොවනු ඇති.
No comments